Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2024 21:15:19 Hours

24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ සාකච්ඡාවක්

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක නිලධාරීන් සමඟින් 2024 ජුනි මස 03 දින එම සේනාංක මූලස්ථානයේදී සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම වැඩසටහනේ දී ගංවතුර, නියඟ, සුනාමි, අලි - මිනිස් ගැටුම් සහ ලැව්ගිනි වැනි ප්‍රදේශයට එල්ලවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව නිලධාරීන් පුළුල් ලෙස සාකච්ඡාවක නිරත විය. ඒ අනුව අනාගතයේදී ඇතිවිය හැකි අපදා තත්ත්වයන්ට මුහුණ දීමට සැලසුම් කිරීම අරමුණු කරගනිමින් සාකච්ඡාව පැවැත්විය.

මෙම සාකච්ඡාව සඳහා අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.