10th June 2024 17:41:37 Hours
යාපනය භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව ආඥාපති ලෙස බ්‍රිගේඩියර් පී. විතානගේ 2024 ජූනි මස 05 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
මෙම අවස්ථාවට සපැමිණි බ්‍රිගේඩියර් පී. විතානගේ එම මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.
පසුව, ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් පී. විතානගේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළ එතුමන් සිය දැක්ම පිළිබඳ ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.