07th June 2024 21:05:40 Hours
මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ සේවයේ නියුතු සියලු නිලයන් වෙත ආශිර්වාද එක්කිරීමේ අරමුණින් 2024 ජුනි මස 05 දින එම අධ්‍යක්‍ෂ මණ්ඩල පරිශ්‍රයේදී විශේෂ ධර්ම දේශනාවක් පැවැත්විණි.
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ (බුරුම විහාරස්ථානයේ) විහාරාධිපති ආචාර්ය කුකුල්පනේ සුදස්සි හිමිපාණන් විසින් මෙම ධර්ම දේශනාව පැවැත්වීය.