Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2024 20:59:08 Hours

7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 26 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 26 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේදී උත්සව මාලාවක් පැවැත්විණි. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය කිරීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකළහ. පසුව, එම රෙජිමේන්තුවේ වර්ධනය සහ තිරසාර අනාගතය සංකේතවත් කරමින් අණදෙන නිලධාරිතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. මෙම සුවිශේෂ අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයක් ද ගනු ලැබීය. මීට සමගාමිව, ජාතියේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ නිර්භීතකම සහ කැපකිරීම සිහිපත් කරමින් විශේෂ සැමරුම් වැඩසටහනක් ද පැවැත්විණි. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.