Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2024 17:05:02 Hours

56 පාබල සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් භාවනාමය වැඩසටහනක්

අධ්‍යාත්මික සංවර්ධනය නඟාසිටුවීමේ සහ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙන්ම නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ ජාතිය වෙනුවෙන් කැප වූ සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට පෙළඹවීමේ අරමුණින් 2024 ජුනි මස 01 දින 56 පාබල සේනාංක මූලස්ථානයේදී විශේෂ භාවනාමය වැඩසටහනක් පැවැත්විණි.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත පූජ්‍ය දින්වත්තේ සුසීල හිමිපාණන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම භාවනාමය වැඩසටහනේදී දැනුවත්භාවය සහ අභ්‍යන්තර සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳ ඉගැන්වීම් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 56 පාබල සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.