07th June 2024 17:11:42 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජුනි මස 05 දින කාලතුවක්කු පුහුණු පාසල් පරිශ්‍රය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් කේ.එස්.පී. පොතුපිටිය යූඑස්පී පීඑස්සී අයිජී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
පුහුණු පාසලේ වත්මන් පුහුණු ක්‍රමවේදයන් පිළිබඳව සේනාවිධායකතුමන් විසින් පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව පුහුණු පාසල් කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායරූපයක් සඳහා ද එතුමන් සහභාගී විය. පසුව, එම පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි ආදර්ශ වෙඩිපිටියේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් එම පුහුණු පාසල සතු පහසුකම් පිළිබඳ සොයාබැලීය. පසුව, දේශනයක් සිදුකරමින් පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් වත්මන් අභියෝග පිළිබඳ නිලධාරීන් දැනුවත් කළ අතර සුහඳ අදහස් හුවමාරුවක ද නිරත විය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.