Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2024 13:20:39 Hours

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එගොඩගම සහ පුවක්පිටිය ප්‍රදේශවල වැටී තිබූ ගස් ඉවත් කිරීමට 142 පාබල බලසේනාවේ භටපිරිස්හී දායකත්වය

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 2024 ජුනි මස 05 දින එම බලසේනාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී විසින් එගොඩගම සහ පුවක්පිටිය ප්‍රදේශවල කඩා වැටී තිබූ ගස් ඉවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 02 දෙනෙක් සහ සෙසුනිලයන් 20 දෙනෙකු සහභාගි වූහ.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූවන් හට සහන සැලසීමේ අරමුණින් පුවක්පිටිය, එගොඩගම ප්‍රදේශයේ නිවසකට දැඩි අලාභහානී සිදුවීම හේතුවෙන් එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සහනාධාර ලබාදීමේ වැඩසටහනක් ද යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එගොඩගම සහ පුවක්පිටිය ප්‍රදේශවල වැටී තිබූ ගස් ඉවත් කිරීමට 142 පාබල බලසේනාවේ භටපිරිස්හී දායකත්වය

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 2024 ජුනි මස 05 දින එම බලසේනාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී විසින් එගොඩගම සහ පුවක්පිටිය ප්‍රදේශවල කඩා වැටී තිබූ ගස් ඉවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 02 දෙනෙක් සහ සෙසුනිලයන් 20 දෙනෙකු සහභාගි වූහ.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූවන් හට සහන සැලසීමේ අරමුණින් පුවක්පිටිය, එගොඩගම ප්‍රදේශයේ නිවසකට දැඩි අලාභහානී සිදුවීම හේතුවෙන් එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සහනාධාර ලබාදීමේ වැඩසටහනක් ද යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.