Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2024 13:24:55 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි මස 06 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක නිරත විය.

විද්‍යාපීඨයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, එතුමන් මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.

මෙම සංචාරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම එම මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.