Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2024 13:27:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි

සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ 2024 ජුනි මස 05 දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

එම මූලස්ථාන ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ වෙත එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ එතුමන්ගේ සුරතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව, එම මූලස්ථනයේ භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.