Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2024 08:39:42 Hours

අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් එල් අබේවර්ධන (විශ්‍රාමික) යූඑස්පී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 31 කට අධික කාලයක් මව්බිම වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරාල් එල් අබේවර්ධන (විශ්‍රාමික) යූඑස්පීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී බ්‍රහස්පතින්දා (ජුනි මස 06) දින සිදුකෙරිණි.

එතුමන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ශෝකයට පත් පිරිස‍් පැමිණ සිටියහ. හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද එතුමන්ගේ දේහය සුසාන භූමියේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව භාරගනු ලැබීය.

සුසාන භූමියේ ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් එතුමන්ගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර එතුමන්ගේ පවුලේ සාමාජිකයන් ඒ පසුපසින් පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order), අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාචාරය ලබාදෙමින් වෙඩිමුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ එතුමන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුදකර සිටියහ.

හිරු නැඟෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මධ්‍යයේ එතුමන්ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.

අනතුරුව, වැඩබලන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් දිවංගත මේජර් ජෙනරාල් එල් අබේවර්ධන (විශ්‍රාමික) යූඑස්පී සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

අවමංගල්‍ය උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ දිවංගත මේජර් ජෙනරාල් එල් අබේවර්ධන (විශ්‍රාමික) යූඑස්පී ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ: