07th June 2024 08:24:03 Hours
පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජුනි මස 05 දින මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත වූයේය. සංචාරයේ නිරත පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම පුහුණු මධ්‍යස්ථානයේ කාර්යභාරයන් පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් ද සිදුකළේය. එහිදී, පුහුණු මධ්‍යස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් සහ අනෙකුත් කරුණු පිළිබඳව එතුමන් පැහැදිළි කළේය.
මෙම සංචාරය අතරතුර, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් දේශනයක් සිදුකරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ උපදේශකයින් ද සහභාගී වූහ. ඉන් අනතුරුව එතුමන් මින්නේරිය කඳවුරු පරිශ්‍රයේ නිල සංචාරයක නිරතවූයේය.