27th May 2024 14:16:00 Hours
17 වන ‘බුද්ධ රශ්මි බැති ගී’ වැඩසටහන කොළඹ, බුද්ධ රශ්මි වෙසක් කලාපයේදී පසුගිය ඉරිදා (මැයි මස 26) දින සන්ධ්‍යාවේ සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සි, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.
හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් ප්‍රමුඛ සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟ උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිණි. ඉන් අනතුරුව, භක්ති ගීත, සංගීතමය වැඩසටහන් සහ නාට්‍ය අංගයන් ඉදිරිපත් කෙරිණි.
මෙම උත්සවය අතරතුරදී, බුද්ධ රශ්මි වෙසක් පහන් කූඩු තරඟය සඳහා පාසල් 26 ක් නියෝජනය කරමින් සහභාගි වූ සිසු සිසුවියන් වෙත සම්පත් බැංකු නිලධාරීන් විසින් සහතිකපත් ප්‍රදානය කළ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් එම තරඟයේ ප්‍රථම ස්ථාන තුන දිනාගත් සාමාජිකයන් වෙත මූල්‍යමය දිරිදීමනා සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. පසුව, විවෘත අංශයේ 4 සිට 10 වන ස්ථානයන් දක්වා ස්ථාන හිමිකරගත් සාමාජිකයන් වෙත ද ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මූල්‍යමය දිරිදීමනා සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.
ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ගේ සුරතින් බුද්ධ රශ්මි වෙසක් පහන් කූඩු තරඟයේ විවෘත අංශයේ ප්‍රථම ස්ථාන තුන දිනාගත් සාමාජිකයන් වෙත සහතිකපත් සහ මූල්‍යමය දීමනාවන් පිරිනැමූහ. එම තරඟයේ විවෘත අංශයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව දිනාගත් අතර 6 වන ස්ථානය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට හිමිවිය.