Defender of the Nation
2024-10-02 19:44:00 Hours
ඔත්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු ආගමික ආශීර්වාද ලබාගැනීමේ ‘ආශිර්වාද’ පූජාව කොළඹ 06, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී 2024 ඔක්තෝබර් මස 02 දින පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරන ලද හින්දු ආශීර්වාද පූජා උත්සවය, හින්දු ආගමික වතාවත් හා චාරිත්‍රානුකූලව කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර, එහිදි යුද්ධ හමුදා ධජයට ආශීර්වාද කරන ලදි.
යුද්ධ හමුදා හින්දු සංගමයේ සභාපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ආරාධනයෙන් එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදාවට ආශිර්වාද පතා යුද්ධ හමුදා ධජය කෝවිල් මන්දිරය තුල තැන්පත් කිරීම සඳහා කෝවිලේ පූජකතුමන්ලා වෙත පිළිගැන්වීය. අනතුරුව, ප්‍රධාන කුරුක්කල් සිවශ්‍රී රාගවන් ප්‍රමුඛ හින්දු පූජකවරුන් පිරිසක් ‘පූජාව’ සිදු කළහ.
ආගමික පූජා වතාවත්වලින් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සියළුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් හින්දු කෝවිලේ සංවර්ධන කටයුතු සඳහා එම කෝවිලේ සභාපති සුන්දරලිංගම් මහතා වෙත මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කරන ලදී.
මෙම ආශිර්වාද පූජාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා විධායක ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා හින්දු සංගමයේ සාමාජිකයින් සහ හින්දු භක්තික සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.