Defender of the Nation
2024-08-16 12:27:00 Hours
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසයේ දැනට නියැලී සිටින ඉන්දීය භට පිරිස් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී 78 වැනි ඉන්දීය නිදහස් දිනය අභිමානවත් අයරින් සමරන ලදී.
1947 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය අවසන් කිරීම සිහිපත් කරමින් සෑම වසරකම අගෝස්තු මස 15 දින ඉන්දියාවේ නිදහස් දිනය සමරනු ලබයි.
යුද අභ්‍යාසයට සහභාගී වී සිටින ඉන්දීය භට කණ්ඩායමේ ප්‍රධානී කර්නල් රවීන්ද්‍ර ආලවට් ප්‍රමුඛ ඉන්දීය භට පිරිස් ඉන්දීය ජාතික ධජය එසවීමෙන් අනතුරුව, ඉන්දීය ජාතික ගීය වාදනයත් සමඟම නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ විය. නිදහස් දින සැමරුම් උත්සවයට උණුසුම් සුභපැතුම් එක්කරමින් ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ, මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආරඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සමඟින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද එක් වූහ.
මිත්‍ර ශක්ති අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක විසින් සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් පැවති සියලු නිල තේපැන් සංග්‍රහය සඳහා ඉන්දීය බලඇණියේ සාමාජිකයින් වෙත ආරාධනා කරන ලදී. එතුමන් මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් භට පිරිස් සමඟ සුහද පිළිසඳරකද නිරත වූයේය.