Defender of the Nation
2023-11-18 00:30:33 Hours
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අඛණ්ඩව 9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම යුද අභයාසය ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 123 දෙනෙක්, ඉන්දීය ගුවන් හමුදා භටපිරිස් 15 දෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් 05 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 53 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී සමඟින් ඉන්දීය යුද්ධ හමුදා 330 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්. තලූජ සහභාගී වූහ.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ VII වන පරිච්ඡේදය යටතේ උප සම්ප්‍රදායික මෙහෙයුම් ඒකාබද්ධව පෙරහුරු කිරීමේ අරමුණින් මෙම ඒකාබද්ධ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. අභ්‍යාසයේ විෂය පථයට ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලදී ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම ඇතුළත් වේ.
වැටලීම, සෙවීම් හා මෙහෙයුම් නිශ්ක්‍රීය කිරීම සහ හෙලිබෝන් මෙහෙයුම් වැනි උපායමාර්ගික ක්‍රියාන්විතයන් මෙම ඒකාබද්ධ මෙහෙයුමට ඇතුළත් වේ. මීට අමතරව, යුද්ධ හමුදා සටන් කලාවන්, සංග්‍රාමික වෙඩි තැබීම සහ යෝගා අභ්‍යාසයන් ද ඊට ඇතුළත් වේ.