Defender of the Nation
2023-10-27 08:50:10 Hours
ඉදිරියේදී පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාස 19’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සහභාගී කරවීම සඳහා පැවැත්වෙන අවසන් සැලසුම් සම්මන්ත්‍රණය ඔක්තෝබර් මස 19 සිට 21 දින දක්වා කාලය තුළ ඉන්දීය හමුදාවේ පූනේ ප්‍රදේශයේ ස්ථාපිත 330 පාබල බලසේනා මූලස්ථානයේ පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
මෙම යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 35 දෙනෙකු සහ සෙසුනිලයන් 93 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇත.
මෙම සාකච්ඡාවේදී නොවැම්බර් මස 16 සිට නොවැම්බර් මස 29 දින දක්වා ඉන්දියාවේදී ආරම්භ කිරීමට නියමිත ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාස 19’ පැවැත්වීම සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.
‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය 2012 වසරේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයකි. මෙම යුද අභ්‍යාසය මීට පෙර දෙරටෙහි පාබල හමුදා ඒකකයන්හි සාමාජිකයන්ගේ සහභාඝීත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ බ්‍රිගේඩියර් පී.කේ.එස්. නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූහ.