2024-08-21 14:31:00 Hours

ඉන්දීය භට පිරිස් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය හා කායන්කර්නි මුහුදු තීරය නැරඹීමට එක්වෙයි

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට සහභාගි වූ ඉන්දීය භට පිරිස් පසුගියදා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සහ කායන්කර්නි වෙරළ තීරයේ සංචාරයක නිරත වූයේය.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජනප්‍රිය හා වැදගත් පාරිසරික කලාපයක් වන අතර එය ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ වන අතර, විශේෂයෙන් විශාල වන අලි ගහනයකින් සමන්විත දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් සංචාරක ගමනාන්තයකි.

එසේම මෙම සංචාරයේ දී මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් යුකේ.ඩි.ඩි.පි. උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ගේ මඟපෙන්වීම යටතේ ඉන්දීය භට පිරිස් සඳහා කායන්කර්නි වෙරළ තීරයේදී, ඉන්දීය හමුදා සාමාජිකයන් වෙත කොරල්පර නැරඹීමට සහ වෙරළ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවිය.

Accessibility

Reset
Sri Lanka Army