2024-08-14 15:50 Hours

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ‘මිත්‍රශක්ති’ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය ඇරඹේ

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ‘මිත්‍රශක්ති’ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය 2024 අගෝස්තු මස 14 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී සම්මාන පෙළපාලියකින් ආරම්භ විය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් යු.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. එම සම්මාන පෙළපාලියට සහභාගී වූ ශ්‍රී ලංකා සහ ඉන්දීය භට පිරිස් අමතමින් එතුමන් ‘මිත්‍රශක්ති’ යුධ අභ්‍යාසයේ ආරම්භය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මෙම යුධ අභ්‍යාසයට සහභාගි වන 3 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්. ඒ. එන්. එස්. කේ. වීරක්කොඩි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සී පෙළපාලියට අණ දුන් අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේජර් අයි ඩබ්ලිව් එල් ආර් කරුණාතිලක සහ ඉන්දියාව නියෝජනය කරමින් මේජර් කුල්ජිත් සිංග් දෙවෙනි අණදෙන නිලධාරීන් වශයෙන් කටයුතු කරන ලදි.

Accessibility

Reset
Sri Lanka Army