උතුරඃ හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (18) දින කොක්කුතුඩුවායි සහ පුදුමුරිප්පු යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගල නාශක බෝම්බ 19 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
ලද තොරතුරු මත භට පිරිස් විසින් එදිනම (18) නුනාවිල් සහ පලිආරු යන ප්‍රදේශවල තිබී මිමි 60 මෝටාර් බෝම්බ 07 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ විලායක 06 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) කොක්කුතුඩුවායි යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 75 ක් සොයාගෙන තිබේ.
|