උතුර: හමුදා භට පිරිස් විසින් සඳුදා (17) පනික්කරාවි, මහිලන්කුලම්, කොක්කුතුඩුවායි, කිලිනොච්චි, ජයපුරම්, නල්ලුර්සහ ආනන්දපුරම් යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ 11 ක්, ක්ලේමෝ බෝම්බ 02 ක්, මිමී 82 මෝටාර් බෝම්බයක් යොදා සැකසූ මර උගුල් 01 ක්, අත් බෝම්බ 01 ක්, ටී-56 ගිනි අවි 01 ක්, ටී-56 මැගසින 02 ක් සහ ටී-56 අවියක බඳ කොටස් 01 ක් සොයාගෙන ඇත.
තවද එදිනම (17) සිවිල් වැසියෙකු හට වෙත්තලයිකේනි ප්‍රදේශයේ තිබී ක්ලේමෝ බෝම්බ 02 ක් හමුවී තිබේ.
බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (17) කල්ලික්ලම්, ගජබාපුර සහ කොක්කුතුඩුවායි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 139 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: නැගෙනහිර පළාතේ කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ තිබී එදිනම (17) සිවිල් වැසියෙකු හට බෝම්බ 01 ක් හමුවී ඇත.
|