|
උතුරඃ හමුදා භට පිරිස් විසින් සදුදා (20) දින ඉලෙයිමරදන්කුලම් සහ කොක්කුතුඩුවායි යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 19 ක් සොයාගෙන ඇත.
ලද තොරතුරු මත භට පිරිස් විසින් එදිනම (20) නුනාවිල් සහ සුදන්තිපුරම් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක්, ක්ලේමෝ බෝම්බ 01 ක් සහ ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (20) ගජබාපුර සහ කොක්කුතුඩුවායි යන ප්‍රදේශවල තිබී ක්ලේමෝ බෝම්බ 01 ක් සහ පුද්ගල නාශක බෝම්බ 130 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිරඃ භට පිරිස් විසින් එදිනම (20) මුරුතනා යන ප්‍රදේශයේ තිබි දේශීය වශයෙන් නිෂ්පාදිත තුවක්කු 01 ක් සොයාගෙන තිබේ. |