උතුරඃ හමුදා භට පිරිස් විසින් බදාදා (19) දින පෙරියපන්ඩිවිරිච්චාන්, කොක්කුතුඩුවායි, මුලන්කාවිල් සහ කුලාමුරිප්පු යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී අත් බෝම්බ 02 ක්, පුද්ගලනාශක බෝම්බ 16 ක්, හාර්නස් කට්ටල 01 ක්, බැලිස්ටික් හෙල්මට් 01 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (19) දින විලක්වෛතිකුලම් සහ කොක්තුඩුවායි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 135 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: ලද තොරතුරු මත හිගුරක්ගොඩ පොලිසිය විසින් එදිනම (19) හතනාමුන යන ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි දේශිය වශයෙන් නිෂ්පාදිත ගිනි අවි 01 ක්, අත් බෝම්බ 02 ක්, මිමි 9 පතරොම් 08 ක්, .38 පතරොම් 09 ක් සහ දේශිය වශයෙන් නිෂ්පාදිත ගිනි අවි සදහා යොදාගන්නා පතරොම් 25 ක් සොයාගෙන ඇත. |