උතුරඃ හමුදා භට පිරිස් විසින් සිකුරාදා (17) දින කොක්කුතුඩුවායි සහ මුලන්කාවිල් යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගල නාශක බෝම්බ 41 ක් සහ ටී-56 පතරොම් 33 ක් සොයාගෙන ඇත.
ලද තොරතුරු මත භට පිරිස් විසින් එදිනම (17) වලයාමඩම්, කනගරායන්කුලම් සහ පුරවසන්කුලම් යන ප්‍රදේශවල තිබී මිමි 122 කාලතුවක්කු උන්ඩ 02 ක්, මිමි 120 මෝටාර් බෝම්බ 02 ක්, තිබී පුද්ගල නාශක බෝම්බ 03 ක් සහ ආර්පීජී 36 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (17) කොක්කුතුඩුවායි යන ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 103 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: ලද තොරතුරු මත භට පිරිස් විසින් එදිනම (17) මාවිල්ආරු ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සහ මිමි 120 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
|