උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් වෙල්ලමුල්ලිවයික්කාල්, මිනුන්කන්, මහකච්චාකොඩිය සහ පුදුමාතලන් යන ප්ර දේශවල සදුදා (26) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 13 ක්, ආර්පීජී බෝම්බ 03 ක්, ආර්පීජී චාජර් 21 ක්, එල්එම්ජී පතරොම් 100 ක්, බැටරි චාජර් 01 ක්, ක්ලේමෝ පිපිරවිම සදහා යොදාගන්නා උපකරණ 29 ක්, ක්ලේමෝ චාජර් 05 ක්, අත්බෝම්බ 09 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 07 ක්, එල්ටිටිඊය නිෂ්පාදිත බෝම්බ 02 ක්, මිමි 130 කාලතුවක්කු උන්ඩ 02 ක්, මිමි 120 මෝටාර් බෝම්බ 26 ක්, මිමි 122 කාලතුවක්කු උන්ඩ 01 ක්, ක්ලේමෝ බෝම්බ 19 ක්, එල්ටිටිඊය භාවිතා කල කබා 01 ක්, අවිවල කොටස් 07 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 07 ක්, එම්පීඑම්ජී පතරොම් 200 ක් සහ ආර්සීඑල් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (26) සන්නාර්, තම්මැන්නාකුලම්, පලයිවාඩි, දේවපුරම් සහ ගජබාපුර යන ප්රිදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 29 ක්, පුපුරා නොගිය පරඋගුල් 02 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 03 ක් සහ යුද ටැංකි නාශක බෝම්බ 02 ක් සොයාගත්හ.
නැගෙනහිර: යුද හමුදා භටපිරිස් විසින් එදිනම (09) නැගෙනහිර පළාතේ කට්ටපරිච්චාන් යන ප්රෙදේශයේ තිබී එදිනම (26) දින අත්බෝම්බ 03 ක් සොයාගැනීමට සමත්විය.
ලෙබනන්හි රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා සෙබලුන්ට එක්සත් ජාතින් පදක්කම් ප්‍රදානය කරයි
මව්බිමෙන් ඔබ්බට ගොස් ලෙබනන්හි සාමසාධක රාජකාරියේ නියුතුව සිටින ශ්‍රී ලාංකික සෙබලුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පදක්කම් ප්‍රදානය කිරිම සඳුදා (26) දින පෙරවරුවේ ලෙබනන්හි දී සිදු කෙරිනි. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සහභාගි විය. එහි දී නිලධාරින් දස දෙනෙක් හා සෙසු නිලයින් එකසිය හතලිස් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා බල ඇණිය මෙම පදක්කම්වලින් පිදුම් ලැබිය.
හමුදා කණ්ඩායමක් විසින් එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක දී සිදු කරනු ලබන දැඩි කැපකිරීම අගයනු වස් පිරිනමනු ලබන මෙම පදක්කම ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පිරිනැමීමෙන් පසු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජයසූරිය මහතා වෙත ද උත්තමාචාරයක් පිරිනැමීය.
මෙම ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම මූලික රාජකාරීවලට අමතරව ප්‍රභූ ආරක්ෂාව, පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනිම, සම්මාන මුර පැවැත්වීම ආදී වෙනත් රාජකාරීන් ද සිදු කරනු ලබයි.
යුද හමුදාපති විසින් ප්‍රථම පදක්කම මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ අණ දෙන නිලධාරී වෙත පැළඳ වු අතර, එම උත්සව අවස්ථාවට එක්සත් ජාතීන්ගේ බලසේනා අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ඇල්බටෝ ඒ. ක්‍යුආස් ද සහභාගී විය.
මෙම පදක්කම් ප්‍රදානය අවසානයේ ශ්‍රී ලංකා භට පිරිස් විසින් තම දස්කම් විදහා දක්වමින් පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගත හැකි සුනඛයින්ගේ සංදර්ශනයක් හා සරඹ සංදර්ශනයක් ද පැවැත්වීය.
|