උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් සරාසලයි, මිනුන්කන්, මහකච්චකොඩිය, කොම්පුවිදකුලම්, වාහල්කඩ, මුලන්කාවිල්, මල්ලාවි සහ පන්නික්කම්කුලම් යන ප්ර්දේශවල බ්ර්හස්පතින්දා (22) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී මිමී 40 ග්රෙපනේඩ් විදින සඳහා යොදාගන්නා බෝම්බ 02 ක්, පුද්ගලනාශක බෝම්බ 10 ක් සහ අත් බෝම්බ 07 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (22) තම්මැන්නාකුලම්, මහිලන්කුලම්, නාවත්කුලම්, මරුදමඩු, කොක්කුතුඩුවායි සහ 13 වන සැතපුම් කණුව යන ප්රලදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 170 ක් සොයාගන්නා ලදි.
නැගෙනහිරඃ යුද හමුදා භට පිරිස් විසින් නැගෙනහිර පළාතේ කුඹුරුමුල්ල සහ පොම්පාගාර කඳවුර යන ප්රතදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගත්හ. |