උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් මිනුන්කාන්, මහකච්චාකොඩිය, මාන්කුලම්, මුතියන්කඩ්ඩු, කන්ජිකුඩිච්චිආරු සහ මිරාඹඩෙයි යන ප්රයදේශවල බදාදා (21) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 19 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 533 ක්, අත් බෝම්බ 2305 ක්, ඩෙටනේටර් 410 ක්, පුපුරණ ද්ර්ව්යම රහිත අත් බෝම්බ 2006 ක්, පුහුණුවීම් සදහා යොදාගන්නා අත් බෝම්බ 110 ක්, පුද්ගලනාශක බෝම්බ විලායක 1920 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 83 ක්, මිමී 81 මෝටාර් බෝම්බ විලායක 122 ක්, මිමී 85 මෝටාර් බෝම්බ ෂෙල් 03 ක්, අරුල් බෝම්බ 368 ක්, අරුල් බෝම්බ කොටස් 233 ක්, අරුල් බෝම්බ විලායක 260 ක්, ජොනි බෝම්බ 01 ක්, ක්ලේමෝ බෝම්බ 01 ක්, මර උගුල් 03 ක්, හදුනා නොගත් විලායක 305 ක්, මිමි 120 මෝටාර් බෝම්බ විලායක 150 ක්, බිම් බෝම්බ 01 ක්, ආර්පීජී 01 ක්, ආර්පීජී චාජර් 02 ක් සහ පෙඩ්ල්ගන් සදහා යොදාගන්නා පතරොම් 204 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (21) සන්නාර්, තම්මැන්නාකුලම්, නාවත්කුලම්, කන්නඩි, මලවරායන්කඩ්ඩෙලඩ්, මරදමඩු, කොම්බාවිල් සහ කොක්කුතුඩුවායි යන ප්රමදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 144 ක් සහ ෂොට්ගන් 01 ක් සොයාගෙන ඇත.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත, යුද හමුදා භටපිරිස් විසින් එදිනම (21) මිමි 84 මෝටාර් බෝම්බ 01 ක්, දේශීය නිෂ්පාදිත අවි 01 ක්, පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් ඹ්මන්තේ, මරුතොඩායි සහ කරිපත්තාමුරිප්පු යන ප්රිදේශවල තිබී සොයාගැනීමට සමත්විය.
|