උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් මිනුන්කන්, මහකච්චකොඩිය, මඩු, නද්දන්කණ්ඩාල් සහ පාණ්ඩියන්කුලම් යන ප්ර දේශවල අඟහරුවාදා (20) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 15 ක්, විලායක 01 ක්, අත් බෝම්බ 01 ක්, පුපුරා නොගිය මිමී 152 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (20) සන්නාර්, තම්මැන්නාකුලම්, නාවත්කුලම්, මහිලන්කුලම්, කන්නඩි, මරදමඩු සහ කොක්කුතුඩුවායි යන ප්රුදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 162 ක්, ආර්පීජී බෝම්බ 01 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 04 ක් සොයාගත්හ. |