උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් අලම්පිල් ප්රසදේශයේ ඉරිදා (18) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී ආර්පීජී බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) කන්නඩි, පාලමොඩ්ඩයි, මරදමඩු, කීරිසුඩ්ඩාන්, කොක්කුතුඩුවායි සහ 13 වන සැතපුම් කණුව යන ප්රමදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 259 ක් සොයාගත්හ.
නැගෙනහිරඃ යුද හමුදා භට පිරිස් එදිනම (18) නැගෙනහිර පළාතේ මීයන්කොල්ල ප්රඩදේශයේ තිබී අත්බෝම්බ 01 ක් සොයාගැනීමට සමත් විය.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත එදිනම (18) නැගෙනහිර පළාතේ භට පිරිස් විසින් පුලිපන්චිකල් ප්රනදේශයේ තිබී පුපුරා නොගිය මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගන්නා ලදි.
සෙබලුන් විසින් වව්නියාව සහ කුරුණෑගල රෝහල් වෙත ලේ පරිත්යා්ග කරයි
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ යන 56 වන සේනාංකය කොක්එළිය ප්ර දේශයේ සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් සදහා විශාල පිරිසක් එක්ව සිටියහ. වව්නියාව ප්ර්දේශයේ සිටින රෝගීන්ට අවැසි රුධිරය පරිත්යායග කිරීමේ මෙම සත්කාර්යයට යුද හමුදා නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම සිවිල් සාමාජිකයින් ද එක්විය.
අනුරාධපුර මහ රෝහලේ වෛද්ය. සහ හෙද කාර්ය මණ්ඩලය මෙම කර්තව්යෙය සදහා පුර්ණ සහයෝගය ලැබුණු අතර, 56 සේනාංකයේ 165 දෙනෙක් ලේ පරිත්යාාග කරන ලදී.
වෛද්යද බලධාරීන්ගේ ඉල්ලීම අනූව සෙබලුන් පරිත්යාසග කළ මෙම ලේ වව්නියාව රෝහල වෙත බාරදෙන ලදී.
මේ අතර, කුරුණෑගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් සිය දෙනෙකු විසින් කුරුණෑගල ශික්ෂණ රෝහල තැලසීමියා රෝගය මර්දනය කිරීමේ ව්යා පෘතිය වෙනුවෙන් එම රෝගය වැළදුනු රෝගීන් සදහා අවශ්යව වන ලේ පරිත්යාවග කිරීමක් ද පසුගිය සතියේ ක්රිළයාවට නැංවිනි.
|