| |
|
|
|
| |
 |
| Army Flag & Crest |
|
|
| If the following sinhala Unicode fonts do not appear clearly, please follow the link and install the Sinhala Unicode fonts |  |
|
| ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2011 සැප්තැම්බර් මස 04 දින |
යුද හමුදාවේ 62 වන සංවත්සර උත්සව සහ යුද හමුදා දිනය සැමරිමේ කටයුතු සංවිධානය ඇරඹේ
ශ්රීධ ලංකා යුද හමුදාවේ එළැඹෙන යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) සහ 62 වන සංවත්සර උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතාගේ උපදෙස් අනුව ආගමික වතාවත්වලට ප්රපමුඛත්වය දෙමින් සැමරිමට මේ වන විටත් සියළු කටයුතු සුදානම්වෙමින් පවති.
සුපුරුදු පරිදි මෙවරත් අනුරාධපුර ජය ශ්රීය මහ බෝ සමිදුන්ගේ අභියස ලබන ඔක්තෝබර් 1 වන දින හමුදාපතිවරයාගේ මුලිකත්වයෙන් පැවැත්වෙන යුද හමුදාවේ සියළු ධජයන්ට සංකේතාත්මකව සෙත්පැතිමේ ආගමික උත්සවයකින් අනතුරුව සංවත්සර සැමරුම් කටයුතු ආරම්භ වේ. අටමස්ථානාධිපති පුජ්යැ පල්ලේගම සිරිනිවාසාභිධාන නායක හිමියන් ප්රුමුඛ මහා සංඝයාවහන්සේ එහිදි පිරිත් සජ්ජායනාවක් හා අටපිරිකර පුජාවක් පවත්වා ශ්රීු ලංකා යුද හමුදාවටත් එහි අභිවෘද්ධියටත් සෙත්පතනු ඇත.
ඉන් අනතුරුව පිළිවෙලින් ශ්රී බාලා සෙල්වනායගම් මුර්ති (කැප්ටන් ගාඩ්න්) කෝවිලේදී පැවැත්වෙන හින්දු ආගමික වතාවත්වලදීද, දවටගහ ජුම්මා පල්ලියේදී පැවැත්වෙන ඉස්ලාම් දේව මෙහෙයේදීත්, ගාලු මුවදොර ක්රිහස්තියානි පල්ලියේදීත් වෙන් වශයෙන් පැවැත්වීමට නියමිත ආගමික උත්සවයන් මගින් යුද හමුදා සංවත්සරය හා යුද හමුදා දිනය නිමිත්තෙන් සෙත් පැතීම කරනු ඇත.
පනාගොඩ යුද හමුදා ජනපදයේදී ඔක්තෝබර් 7 වන දින පැවැත්වෙන සර්ව රාත්රි ක පරිත්රායණ දේශණයෙන් අනතුරුව පසු දින මහා සංඝයා වෙත පිරිනැමෙන සාංඝික දානයත් සමග සංවත්සර උත්සවයේ ආගමික වතාවත් නිමාව දකී.
ඔක්තෝබර් 10 වන දින යෙදෙන යුද හමුදා දිනය පනාගොඩ යුද හමුදා ක්රිාකට් ක්රීෝඩාංගනයේ දී පැවැත්වෙන හමුදා ආචාර පෙළපාලිය සහ යුද හමුදාපතිතුමාගේ සියළු නිලයන් අමතා කරනු ලබන වාර්ෂික ඇමතීමත් සහ සියළු නිලයන් සදහා වු තේ පැන් සංග්ර්හයත් සමග විචිත්රඇ වනු ඇත.
එදිනම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වු මංජුලිකා ජයසුරිය මහත්මිය කොළඹ යුද හමුදා රෝහලෙහි ප්රනතිකාර ලබන යුද හමුදා සාමාජිකයන්ගේ සුව තතු විමසීමේ චාරිකාවක නිරතවී ඔවුන්හට ත්යාිග පාර්සල් පිරිනැමීම ද සිදුකිරිමට නියමිතය.
සියළුම නිලයන් සදහා වු රාත්රින භෝජන සංග්රවහයකින් අනතුරුව යුද හමුදා දිනය සැමරීමේ කටයුතු නිමාව දකී.
ශ්රීත ලංකා යුද හමුදාවේ සම්ප්ර දායානුකුලවු සහ උත්සව චාරිත්රුයක් ලෙස සැලකෙන වසර ගණනාවකට පසුව නැවත පණගන්වනු ලැබු සියළු දෙනා සදහාම විවෘත වු යුද හමුදා රාත්රිද බොජුන් පසු රැගුම (Army Dinner Dance) ඔක්තෝබර් 15 වන දින පැවැත්වේ. සංවත්සර උත්සව මාලාවේ අවසන් අදියර වු මෙම අවස්ථාව වර්තමාන හමුදා සාමාජිකයන් සියල්ලගේම සමාජශීලීබව ප්ර වර්ධනය කිරිම උදෙසා සහ එකමුතු සහයෝගශීලීත්වය ප්රලදර්ශණය කිරීම සදහා පැවැත්වෙනු ඇති අතර පවතින අවකාශ සීමා හේතුවෙන් එය 750 දෙනෙකු පමණ වු යුද හමුදා යුවල් සදහා සීමා කිරිමට යුද හමුදා ජේ්ය ෂ්ඨ නිලධාරින්ගෙන් සමන්වුත කමිටුවට සිදුව ඇත.(නිමි) |
|
|
|
 |
| Commander of the Army |
|
|
|
Copyright © 2011 Sri Lanka Army.
Contents of this site are the sole property of Sri Lanka Army and any duplication in any media is liable for prosecution. Reproduction of these stories/data is possible provided its source is given due recognition.
|