උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් විශ්වමඩු ප්ර දේශයේ ඉරිදා (21) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී තිබී ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (21) මහිලන්කුලම්, වේලන්කුලම්, කන්නඩි, පාලමොඩ්ඩයි, මරුදමඩු සහ කොක්කුතුඩුවායි යන ප්රඉදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 156 ක් සොයාගත්හ.
මේ අතර, සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත හමුදා භට පිරිස් විසින් එදිනම (21) කිළිනොච්චි සහ මුලතිව් යන ප්රවදේශයන්හි තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 130 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ අත්බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: සිවිල් වැසියෙකුගෙන් ලද තොරතුරක් මත එදිනම (21) යුද හමුදා භටපිරිස් විසින් මින්නේරිය ප්ර දේශයේ තිබී අත්බෝම්බ 02 ක් සොයාගන්නා ලදි.
තවද, යුද හමුදා භටපිරිස් සහ ගුවන් හමුදා භටපිරිස් එක්ව සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් අම්පලවන්පොක්කන් ප්ර දේශයේ තිබී ආර්පීජී බෝම්බ 01 ක්, ගිනි නිවන උපකරණ 01 ක් සහ එම්පීඑම්ජී පතරොම් 84 ක් එදිනම (21) සොයාගැනීමට සමත්විය. |