උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් තිරුකේතීස්වරම්, මඩු, කුරුළුවැව සහ උදයාර්කට්ටු යන ප්‍රදේශවල බ්‍රහස්පතින්දා (18) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගල නාශක බෝම්බ 41 ක්, එල්එම්ජී බඳකොටස් සමඟ බැරල 90 ක්, ටී-56 අවියේ බැරල 26 ක්, ටී 81 අවියේ බඳකොටස් සමඟ බැරල 04 ක්, 0.05 අවියේ බඳ කොටස් 01 ක්, නිශ්චිතව හඳුනා නොගත් අවි 02 ක් සහ ටී-56 මැගසින 26 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) මරතන්කුලම්, මහිලන්කුලම්, වෙඩිවෙත්තිකල්ලු, වෙලන්කුලම්, මරතමඩු, කොක්කුතුඩුවායි, 10 කණුව සහ පුදුකුඩුඉරිප්පු යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ විලායක 218 ක්, අත් බෝම්බ 04 ක්, ආර්පීජී බෝම්බ 03 ක් සහ ක්ලේමෝ බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
මේ අතර, සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත හමුදා භට පිරිස් විසින් එදිනම (18) වන්නන්කර්නි, වෙත්තලකර්නි සහ පුදුතුඩුඉරිප්පු යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 05 ක්, ආර්පීජී බෝම්බ 01 ක්, මිමී 82 මෝටාර් බෝම්බ 05 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 02 ක්, ආරුල් බෝම්බ 02 ක්, මිමී 81 මෝටාර් බෝම්බ විලායක 02 ක් සහ ෂොට් ගන් පතුරොම් 08 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිරඃ හමුදා භට පිරිස් විසින් එදිනම නැගෙනහිර පළාතේ වාකරේ, කුඹුරුමුල්ල සහ මිරඕඩේ යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සොයාගෙන ඇත.
යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනය රජරට පුරවරයට
ශ්රීහ ලංකා යුද හමුදාවේ ප්රෞජඪත්වය පොදුජන දෑස් හමුවේ මනාව ප්රීදර්ශනය කරමින් තම 62 වන අභිමානවත් සංවත්සරය සැමරිම වෙනුවෙන් අනුරාධපුර මහජන ක්රී ඩාංගණයේ දී පස්වරු 5.00 ට යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනය ආරම්භ වේ.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මෙහි ප්ර්ථම දිනයේ ප්රපධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන අතර, මෙම සංදර්ශනය ලබන ඉරිදා (21) දක්වා පැවැත්වේ. මෙම සංදර්ශනය අනුරාධපුරයේ පැවැත්වීම ප්රලධාන පොදු උත්සව කොළඹන් පිටත පලාත් මට්ටමින් පැවැත්වීමේ රාජ්යප ප්රකතිපත්තියට අනුකූලව සිදු වන අතර, මිළඟ පිරික්සුම් පහන් සංදර්ශනය මෙම වසරේ සැප්තැම්බර් මස මාතර දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්රාඇණඇපකරුවන් මුදා ගැනීම සහ මානුෂිය මෙහෙයුම, පැරෂුට් සංදර්ශන, සුනඛ සංදර්ශන, කෙටි කාලයකින් පාලම් ඉදි කිරීම, දෑස් මවිත කරවන යතුරුපැදි සංදර්ශන, ආබාධිත සෙබළුන්ගේ විස්කම්, රණබෙර හා බියුගල් සංදර්ශන, මානුෂීය මෙහෙයුම පිළිබඳ පුළුල් තිර දැක්වීම්, ශාරීරික අභ්යාලස, ප්රුහාර දියත් කිරිම, සැඟවි සිට ප්රරහාර එල්ල කිරිම පිළිබඳ සංදර්ශන ආදිය මෙයට ඇතුලත් වේ. යුද හමුදාවේ විවිධත්වය, වීරත්වය, රණකාමීත්වය ආදිය මෙම පිරික්සුම් සංදර්ශනය තුලින් විදහා දැක්වේ.
මෙම සංදර්ශනය නැරමට පැමිණෙන ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ පොදු ප්රමවාහන සේවයක් ද ක්රිසයාත්මක වේ. අදාල ප්රමවේශපත් ක්රී ඩාංගනයේ ප්රටධාන දොරටුවෙන් ලබා ගත හැකිය.
යුද හමුදාව වන්නි ප්රෙදේශයේ තවත් හින්දු කෝවිල් දෙකක් ප්ර තිසංස්කරණය කොට පූජකවරුන් වෙත පිරිනමයි
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ තරනිකුලම් ප්ර දේශයේ ස්ථාපිත 611 බල සේනාවේ සෙබලුන් දානපතීන්ගේ ද සහයෝගය ඇතිව එම ප්රාදේශයේ පෞරාණික හින්දු කෝවිල 2 ක් පිළිසකර කොට ආගමික කටයුතු සිදු කරගෙනයාම සඳහා හින්දු පූජකවරුන් වෙත බදාදා (17) දින බාරදුනි.
මහනුවර තිසරණ සරණ බෞද්ධ පදනමේ ප්රුධාන සංවිධායක මෙන්ම අප්රිරකාවේ ප්ර ධාන බෞද්ධ සංඝ නායක පූජ්යන යටිරාවණ විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෙන්යාවේ නයිරෝබී හි පදිංචි වෛද්ය හස්මුක් ඩව්ඩා මහතා සහ එම මහත්මිය, ව්යාපපාරිකයින් වන අනුර පෙරේරා මහතා සහ සිදත් මහතා මෙම ඉදිකිරිම් සඳහා ධන පරිත්යාිගයන් සිදු කලහ.
මඩුකුලම් මුත්තුමාරි අම්මාන් කෝවිල සහ සින්නතම්පනේ මුත්තුමාරි අම්මාන් කෝවිල එල්ටීටීඊ ත්රහස්තවාදී ක්රිායාකාරකම් හේතුවෙන් වසර ගණනාවක් අත්හැර දමා විනාශයට පත්ව තිබූ අතර, නමුත් නැවත පදිංචි කළ ජනතාවගේ ආගමික සහජිවනය නැංවිමට යුද හමුදාව විසින් මෙම කෝවිල් 2 නැවත ගොඩනැංවීය.
වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරා මහතාගේ ආශිර්වාදය ලැබ සිදු කෙරුණු මෙම ව්යාිපෘතියට 61 වන සේනාංකාධිපති බ්රි්ගේඩියර් ඒ.කාරියකරවන සහ 611 බල සේනාවේ බල සේනාධිපති බ්රි්ගේඩියර් කේ.ජී.ඩී පෙරේරා විසින් යුද හමුදා සෙබලුන් යොදවා ශ්රරම දායකත්වය සැපයීය.
මෙම ප්රයතිසංස්කරණය කළ කෝවිල් විවෘත කිරීමේ අවස්ථාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා, කෙන්යාවේ නයිරෝබී හි පදිංචි වෛද්යබ හස්මුක් ඩව්ඩා මහතා සහ එම මහත්මිය, ව්යා පාරිකයින් වන අනුර පෙරේරා මහතා සහ සිදත් මහතා, 61 වන සේනාංකයේ සේනාංකාධිපති, 611 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්යෙකෂ්ඨ දෙමල පුරවැසියන් සහ බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම විවෘත කිරීමේ උත්සවය අවසානයේ නැවත පදිංචි කළ සිවිල් ජනතාව වෙත මෙම දානපති කණ්ඩායම විසින් ත්යාංග පාර්සල් පිරිනැමිය.
|