උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් තිරුකේතීස්වරම්, මඩු, කුරුළුවැව සහ උදයාර්කට්ටු යන ප්‍රදේශවල බ්‍රහස්පතින්දා (18) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගල නාශක බෝම්බ 41 ක්, එල්එම්ජී බඳකොටස් සමඟ බැරල 90 ක්, ටී-56 අවියේ බැරල 26 ක්, ටී 81 අවියේ බඳකොටස් සමඟ බැරල 04 ක්, 0.05 අවියේ බඳ කොටස් 01 ක්, නිශ්චිතව හඳුනා නොගත් අවි 02 ක් සහ ටී-56 මැගසින 26 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) මරතන්කුලම්, මහිලන්කුලම්, වෙඩිවෙත්තිකල්ලු, වෙලන්කුලම්, මරතමඩු, කොක්කුතුඩුවායි, 10 කණුව සහ පුදුකුඩුඉරිප්පු යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ විලායක 218 ක්, අත් බෝම්බ 04 ක්, ආර්පීජී බෝම්බ 03 ක් සහ ක්ලේමෝ බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
මේ අතර, සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත හමුදා භට පිරිස් විසින් එදිනම (18) වන්නන්කර්නි, වෙත්තලකර්නි සහ පුදුතුඩුඉරිප්පු යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 05 ක්, ආර්පීජී බෝම්බ 01 ක්, මිමී 82 මෝටාර් බෝම්බ 05 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 02 ක්, ආරුල් බෝම්බ 02 ක්, මිමී 81 මෝටාර් බෝම්බ විලායක 02 ක් සහ ෂොට් ගන් පතුරොම් 08 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිරඃ හමුදා භට පිරිස් විසින් එදිනම නැගෙනහිර පළාතේ වාකරේ, කුඹුරුමුල්ල සහ මිරඕඩේ යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සොයාගෙන ඇත.
|