උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් තිරුකේතීස්වරම්, මල්ලාවි, කුරුළුවැව, තන්නියුත්තු, කට්කුලම්, උදයාර්කට්ටු සහ කරයාමුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල බදාදා (17) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මිමී 130 කාලතුවක්කු උණ්ඩ 02 ක්, පුද්ගල නාශක බෝම්බ 31 ක්, අත් බෝම්බ 01 ක්, එම්පීඑම්ජී පතරොම් 2600 ක්, එම්පීඑම්ජී පතරොම් වැල් 27 ක්, මිමී 12.7 පතරොම් 108 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 43 ක්, මිමී 60 මෝටාර් බෝම්බ විලායක 26 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 06 ක්, ආර්පීජී බෝම්බ 86 ක්, ආර්පීජී චාජර 25 ක්, ටී-56 අවියේ බැරල 386 ක් ට්‍රිගරයන් සමඟ, ටී-56 අවියේ බැරල 116 බට් කොටස් සමඟ, ටී-56 අවියේ පිස්ල් ග්‍රිප් කොටස් 25 ක් ට්‍රිගරයන් සමඟ, ටී-56 අවියේ බට් කොටස් 88 ක්, ටී-56 අවියේ රිසීවින් කවර 104 ක්, ටී-56 අවියේ බට් කොටසට අයත් කොටස් 131 ක්, ටී-56 අවියේ බෝල්ට් කැරියර 86 ක්, ටී-56 අවියේ ගෑස් ටියුබ් කොටස් 51 ක්, ටී-56 අවියේ ට්‍රිගර් ගාර්ඩ් කොටස් 53 ක්, ටී-56 මැගසින 335 ක්, ටී-81 අවියේ බැරල 49 ක්, ටී-81 අවියේ බට් කොටස් 19 ක් බැරලයන් සමඟ, එල්එම්ජී අවියේ බැරලයන් 66 ක්, එල්එම්ජී අවියේ බට් කොටස් සහ ට්‍රිගර 36 ක්, එල්එම්ජී අවියේ බයිපෝට්ස් 24 ක්, එල්එම්ජී අවියේ පිස්ල් ග්‍රිප්ස් 184 ක්, එල්එම්ජී පිස්ටන් 38 ක්, එල්එම්ජී ටොප් කවර 25 ක්, එල්එම්ජී ඩ්‍රම් 10 ක්, එම්පීඑම්ජී බැරල 104 ක්, එම්පීඑම්ජී අවියේ බඳ කොටස් 52 ක්, 303 අවියේ බැරල 45 ක්, 303 අවියේ මැගසින 67 ක්, මිනි උසි අවි 01 ක්, 303 අවියේ බට් කොටස් 121 ක්, එස්එල්ආර් අවියේ බඳ කොටස් 40 ක්, හඳුනා නොගත් ත්‍රිපාද 01 ක්, මිමී 60 මෝටාර් බේස් ප්ලේට් 03 ක්, යමහා බෝට්ටු එන්ජින් 02 ක් සහ සුසුකි බෝට්ටු එන්ජින් 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (17) සන්නාර්, මරතන්කුලම්, මහිලන්කුලම්, පලෙයිවාඩි, වේලන්කුලම්, මරතමඩු සහ අඩම්පන් ප්‍රදේශයන්හි තිබී පුපුරා නොගිය මර උගුල් 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 24 ක්, පුද්ගලනාශක බෝම්බ 196 ක්, ආරුල් බෝම්බ 10 ක්, අත්බෝම්බ 13 ක්, මිමී 82 මෝටාර් බෝම්බ 03 ක්, පීඩන බෝම්බ 03 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 02 ක්, ආර්පීජී බෝම්බ 06 ක් සහ පුද්ගලනාශක බෝම්බ විලායක 333 ක් සොයාගෙන ඇත.
ආසේමු - නැඟෙනහිර නව නිලධාරී නිවස්නය විවෘත කෙරේ
වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපනය කොට ඇති නැඟෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව නිලධාරී නිවස්නය බදාදා (17) දින ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් විවෘත වුයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ආරාධනයට අනූවය. මෙම නිවස්නය ඉදි කිරිම සදහා මුල්ගල තැබීමෙන් දින 142 ක දී එහි වැඩකටයුතු නිමවූයේ වාර්තාසහගත ලෙසය.
ශ්‍රවනාගාරයක්, දේශන ශාලාවක්, අවන්හල් 2 ක්, අමුත්තන් සදහා වෙන්වූ ස්ථානයක් සහ සුඛෝපභෝගී කාමර 5 කින් සමන්විත මෙම නිලධාරී නිවස්නයෙහි මුළු වටිනාකම රුපියල් මිලියන 150 ක් වුවද රුපියල් මිලියන 35 ක වියදමින් ඉදි කිරීම් කටයුතු නිම කෙරුනේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ හා නැඟෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන්ගේ ශ්‍රමදායකත්වයෙනි. ඒ සදහා දානපතින් සහ පරිත්‍යාගශීලීන්ගේ නොමද දායකත්වය ද ලැබුනි.
ගෘහ නිර්මාණ ශිල්පී උදුල බණ්ඩාරගේ සැලසුම්වලට අනූව කලාත්මක අයුරින් නිමවු මෙම ගොඩනැඟිල්ල තුල අඩි ...... උසැති අලංකාර දිය ඇල්ලක්, මල් උද්‍යානයක් ඇතුළු දර්ශනීය අංග රැසක් නිර්මාණය කොට ඇත.
යුද හමුදාපතිතුමා සහ නැඟෙනහිර ආඥාපති විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා එහි පිවිසුම් දොරටුව අභියස දී පිළිගනු ලැබූ අතර, එහි දී පිරිනැමූ සම්මාන මුරය සහ සම්මාන ආචාර පෙළපාලිය ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නිරීක්ෂණය කරනු ලැබීය. ඒ සදහා යුද හමුදාපතිතුමා ද එක්විය.
මෙවැනි උත්සවයන්හි සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් ආරක්ෂක ලේකම්තුමා සහ යුද හමුදාපතිතුමා යුද හමුදාව සතු ගල් කඩන යන්ත්‍රය නැරඹීමට ද ගියහ. මෙම ගොඩනැඟිල්ල ඉදි කිරිම් කටයුතු සදහා කිසිදු අමතර වියදමකින් තොරව මැටල් කියුබ් 400 කට අධික ප්‍රමාණයක් මෙම ගල්වැඩපල හරහා සැපයීය.
එළඹුනු සුබ මොහොතින් ආරක්ෂක ලේකම්තුමා මෙම ගොඩනැඟිල්ලේ ප්‍රධාන සමරු ඵලකය නිරාවරණය කළේය. එමෙන්ම යුද හමුදාපතිතුමා විසින් මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීම පිළිබද සටහන් කොට තිබූ ඵලකය විවෘත කරනු ලැබීය. මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් මෙම අවස්ථාවට ආශිර්වාද කළ අතර, නව ගොඩනැඟිල්ලේ කිරි ඉතිරිවීම ද සිදු කෙරිනි.
මෙම වැඩසටහනේ දි නැඟෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව කරමින් මෙම නිවස්නය ඉදි කිරිම පිළිබද කරුණු දැක්වීය. විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ආරාධිත අමුත්තන් මාස 4 ක් වැනි කෙටි කලකින් ඉදි කිරීම් කළ මෙම නිලධාරී නිවස්නයේ සංචාරය කරන ලදී. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදාපතිතුමා නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
නව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් සිය ධූරයේ රාජකාරී අරඹයි
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් ලෙස පත්කළ මේජර් ජෙනරාල් චන්දන රාජගුරු මහතා සඳුදා (15) දින සිය ධුරයේ වැඩකටයුතු ඇරඹීය. අභිනව තනතුරට පත්වීමට පෙර ඒ මහතා යුද හමුදා මූලස්ථානයේ පාබල අධ්යටක්ෂ මණ්ඩලයේ අධ්යලක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළේය.
සිංහ රෙජිමේන්තුවේ ජ්යෙධෂ්ඨ නිලධාරියෙක් වන ඔහු මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් සහ කොළඹ ආනන්ද විදුහලෙන් අධ්යා පනය හදාරා ඇත. ඉන්දියාවේ හයිද්රාකබාද්හි ඔස්මානියා විශ්ව විද්යාංලයෙන් කළමණාකරණ අධ්යනනය පිළිබඳ ශාස්ත්රරපති උපාධිය හා ඇමරිකා එක්සත් ජනපදයේ හවායිහි ආසියා - පැසිපික් මධ්යපස්ථානයෙන් ආරක්ෂක කටයුතු පිළිබඳ උපාධිය ද ලබා ඇත.
එමෙන්ම ඉන්දියාවේ සෙකියුන්දරාබාද්හි ආරක්ෂක කළමණාකරණ පිළිබඳ විද්යාරලයෙන් දීර්ඝකාලින ආරක්ෂක කළමණාකරණ පාඨමාලාව ද එක්සත් රාජධානියේ ක්රෙයන්ෆීල්ඩ් විශ්ව විද්යාාලයෙන් ආරක්ෂක රාජෝපාය පිළිබඳ පාඨමාලාව ද හැදෑරූ පාඨමාලා අතර වේ.
යුද බිමේ දී සටන් වැද තුවාල ලැබූ ඔහු කිලිනොච්චි ආඥාපති ලෙස ද කටයුතු කළේය.
හිටපු පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් වූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විදේශ පුහුණුවකට යාමට නියමිත බැවින් මේජර් ජෙනරාල් චන්දන රාජගුරු මෙම තනතුර සඳහා පත්විය.
යාපනයේ තරුණ පිරිසට ටයිකොන්ඩෝ පුහුණුව
යුද හමුදා ටයිකොන්ඩෝ සංගමය සහ කොරියන් ටයිකොන්ඩෝ උපදේශකවරුන්ගේ මඟ පෙන්වීම මත යාපනය ප්රසදේශයේ තරුණ ප්ර්ජාව වෙත සටන් ශිල්පයක් වන ටයිකොන්ඩෝ පුහුණුව ලබාදිම යාපනය දොරේඅප්පා ක්රීහඩාංගනයේ දී පසුගිය ඉරිදා (14) දින සිදු කෙරිනි.
මෙම අවස්ථාවට ප්රපධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සහභාගී වූ අතර, පලාත් අධ්යානපන අතිරේක ලෙකම් වී.ටී සෙල්වරත්නම්, යාපනය නඟරාධිපති වයි. පත්ගුණරාජා යන මහත්ම - මහත්මින් සහ පාසල් සිසුන් විශාල පිරිසක් ද ඊට එක්විය.
ශ්රිස ලංකා යුද හමුදා ටයිකොන්ඩෝ සංගමය ස්වෙච්ඡාවෙන් මෙම කර්තව්යුය සඳහා ඉදිරිපත් වී සිටී. ආත්මාරක්ෂාව, තමා පාලනය කරගැනීම සහ තවත් තාක්ෂණික ඉසව් කරා තරුණ පිරිස ගෙනයාම මෙහි අරමුණු වේ. ඔලිම්පික් ක්රීාඩාවල එකම සටන් ක්රීකඩාව වන්නේ ද මෙම ටයිකොන්ඩෝ ක්රීාඩාවයි.
මෙම එක්දින පුහුණුව සඳහා පාසල් සිසුසිසුවියන් 300 කට අධික පිරිසක් එක්ව සිටි අතර, යුද හමුදා ටයිකොන්ඩෝ සංගමයේ සභාපති හා ජාතික ටයිකොන්ඩෝ සංගමයේ උපසභාපති වන බ්රි ගේඩියර් බී.සී.ජේ.ඒ.එෆ් රොද්රිේගෝගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරිනි.
නුදුරේදීම යාපනය ප්රීදේශයේ තරුණ පිරිස වෙනුවෙන් ටයිකොන්ඩෝ ක්රීභඩා සමාජයක් පිහිටුවීමට නියමිතය.
|