උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් මරුදන්කන්ඩි, මාලිගයි, කෙලබෝගස්වැව, වව්නිකුලම් සහ කුරුළුවැව යන ප්රකදේශවල අඟහරුවාදා (16) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ආර්පීජී බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ 25 ක් සහ ෂොට් ගන් 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (16) සන්නාර්, තම්මැන්නාකුලම්, මරදන්කුලම්, මහිලන්කුලම්, වේලන්කුලම්, කන්නඩි, පාලමොඩ්ඩයි, මරුදමඩු, කොක්කුතුඩුවායි සහ 10 වන සැතපුම් කණුව යන ප්රමදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 561 ක් සහ අත්බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
තවද, සිවිල් වැසිකුගෙන් ලද තොරතුරක් මත භට පිරිස් විසින් ප්රිබෝධගම ප්රලදේශයේ තිබී එදිනම (16) ටී-56 මැගසින් 02 ක් සහ ටී-56 පතරොම් 07 ක් සොයාගැනීමට සමත්විය. |