උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් කුරුළුවැව සහ විශ්වමඩු යන ප්‍රදේශවල ඉරිදා (14) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 14 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (14) වෙල්ලන්කුලම්, කන්නඩි, පාලමොඩ්ඩයි සහ 10 වැනි සැතපුම් කණුව යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 78 ක් සොයා ගනු ලැබීය.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත උතුරු පළාතේ කුප්පිලන් දකුණ සහ වවුනිකුලම් යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දි අරුල් බෝම්බ 01 ක්, අත්බෝම්බ 02 ක්, මිමී 40 වර්ගයේ බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 17 ක් සහ විද්‍යුත් ඩෙටනේටර් 42 ක් එදිනම (14) සොයාගන්නා ලදි.
තවද, යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකල සෝදිසි මෙහෙයුමක් මගින් අත්බෝම්බ 137 ක් සොයාගැනීමට සමත්විය. |