උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් වතිරයාන්, සිදම්බරපුරම්, පාලක්කුලි, ඹ්මන්තායි, තන්ඩිකුලම්, මුල්ලියාවේලි සහ උදයාර්කඩ්ඩු යන ප්‍රදේශවල සෙනසුරාදා (13) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 02 ක්, ක්ලේමෝ බෝම්බ 02 ක්, මිමි 40 ග්‍රේනේඩ් විදින බෝම්බ 02 ක්, අත් බෝම්බ 17 ක්, සී-4 වර්ගයේ පුපුරණ දුව්‍ය කි.ග්‍රෑ 3.5 ක්, ටී-56 ගිණි අවි 02 ක්, ටී-56 මැගසින් 01 ක් සහ ටී-56 උන්ඩ 30 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (13) සන්නාර්, තම්මැන්නාකුලම්, මරදන්කුලම්, වෙඩිවෙට්ටුකුල්ලු, කන්නඩි සහ සැතපුම් 10 කණුව යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 280 ක්, පුපුරා නොගිය මර උගුල් 01 ක්, මිමි 82 මෝටාර් බෝම්බ 01 ක් සහ ආර්පීජී 01 ක් සොයා ගනු ලැබීය.
නැගෙනහිරඃ භට පිරිස් විසින් එදිනම (13) නැගෙනහිර පළාතේ සේනපුර සහ කුඹුරුමුල්ල යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දි පුද්ගලනාශක බෝම්බ 02 ක් සහ ආර්පීජී 01 ක් සොයා ගත්හ.
|