උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (09) දින මැණික් ෆාම් සහ වෙල්ලමුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් අත්බෝම්බ 01 ක්, ටී-56 ගිනි අවි 01 ක්, ටී-56 මැගසින් 01 ක් හා ටී-56 පතුරම් 29 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුද්ගල නාශක බෝම්බ 22 ක් මහිලන්කුලම් සහ මරුතමඩු ප්‍රදේශවල තිබී එදිනම (9) සොයාගෙන තිබේ.
යාපනයේ සාමාන්‍ය වැසියන්ට යුද හමුදාවේ මැදිහත්වීමෙන් රෝද පුටු සහ කෘතීම පාද පිරිනැමේ
511 බල සේනාව විසින් විවිධ ආබාධියන්ට ලක් වූ යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ වැසියන් දහනව දෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා රෝද පුටු සහ කෘතීම පාද බෙදාදීමේ උතුම් සත්කාර්යයක් පසුගියදා සිදු කරන ලදී.
මහනුවර පිහිටි ‘කෘතිම පාද නිමැවුම් මධ්‍යස්ථානය’ විසින් අනුග්‍රහය දැක්වූ මෙහි දී රෝද පුටු 09 ක් සහ කෘතිම පාද 10 ක් පිරිමි දස දෙනෙක් සහ කාන්තාවන් නව දෙනෙක් අතර බෙදාදුනි. අච්චුවේලි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9 වන බල ඇණියේ දී පැවති උත්සවයක දී මෙම පරිත්‍යාගයන් සිදු කෙරුණු අතර, සංවිධානය කරන ලද්දේ 511 බල සේනාව විසිනි.
51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජනක වල්ගම, 511 බල සේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති කොස්තා යන මහත්වරු සහ ‘කෘතිම පාද නිමැවුම් මධ්‍යස්ථානෙය්’ අධ්‍යක්ෂතුමා විසින් ආබාධයන්ට ලක් වූ පිරිස වෙත මෙම උපකරණ පරිත්‍යාග කළහ. ‘කෘතිම පාද නිමැවුම් මධ්‍යස්ථානෙය්’ කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ ආගමික පූජකවරු මෙන්ම සාමාන්‍ය වැසියන් රැසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.
පසුගිය 2010 ඔක්තෝබර් මාසයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන අඛණ්ඩව සිදු කරන වැඩසටහනක් වන අතර, මේ වන විට කුඩා දරුවන් හා වැඩිහිටියන් ඇතුලු ආබාධයන්ට ලක් වූ වැසියන් එකසිය හැටහය දෙනෙකුට රෝද පුටු සහ කෘතීම පාද බෙදාදුනි. කෝපායී රජයේ ශික්ෂණ රෝහල වෙත රුපියල් මිලියන 5 ක් වටිනා නව රෝද පුටු සහ කෘතීම පාද තොගයක් මෙසේ ලබා දී ඇත.
ශ්‍රී ලංකා සෙබලුන් හයිටි දරුවන් වෙත ත්‍යාග පාර්සල් බෙදා දෙති
හයිටි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන් හි නියුතු ශ්‍රී ලංකා සෙබලුන් (ශ්‍රීබැට් සෙබලුන්) විසින් නත්තල් දිනය නිමිත්තෙන් එහි වැසියන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදුනි.
ලියෝගන් හි පිහිටි ශ්‍රීබැට් මූලස්ථානය සංවිධානය කළ මෙහි දී හයිටි වැසියන්ට පරිත්‍යාග කළ ත්‍යාග පාර්සල්වල ශ්‍රි ලංකාවේ නිපද වූ ඇඟලුම් මෙන්ම ශ්‍රී ලංකාවට ආවේනික රසකැවිලි වර්ග ද අඩංගු විය. නත්තල් රාත්‍රියේ දී දරුවන් 200 දෙනෙකුට සහ වැඩිහිටියන් පිරිසක් වෙත විශේෂ උත්සවයක දී මෙම නත්තල් තෑගි පාර්සල් පිරිනැමීය. එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දී මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක විය. වැඩිහිට නිවාස සහ ළමා නිවාසවල දී විශේෂ නත්තල් ආගමික කටයුතුවල දී වැදගත් තැනක් උසුලන කැරොල් ගී ප්‍රසංග ද පැවැත්වීමට ශ්‍රීබැට් සෙබලුන් ක්‍රියා කලහ.
මේ අතර, ශ්‍රීබැට් මූලස්ථානය විසින් සෙබලුන්ගේ ප්‍රයෝජනය සඳහා නාන කාමර සංකීර්ණයක් ද ඉදි කරන ලදී. මේ වන විට එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතු ශ්‍රි ලංකා ඉංජිනේරු සේවා රෙජිමේන්තුෙව් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුෙව් ෙසබලුන් විසින් මෙය ඉදි කලහ. මෙම සියලු කාර්යයන් ශ්‍රීබැට්හි අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් ඒ.එම්.ආර්. ධර්මසිරි මහතාගේ සමිබන්ධීකරණයෙන් සිදු කෙරේ.
යුද හමුදාවේ සංවර්ධනය සඳහා අවැසි පහසුකම් වැඩිදියුණු කරන බව ‘ලක්විරු සෙවන’ විවෘත කරමින් ජනාධිපතිතුමා පවසයි
‘ලක්විරු සෙවන’ දේශයේ සාමය රැකීම උදෙසා අපරිමිත කැපකිරිම් කොට ආබාධිත තත්වයට පත්ව සිටින ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ විවිධ අත්කම් නිර්මාණ එළි දැක්වෙන මධ්‍යස්ථානයයි. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවකට අනූව පැලවත්ත, බත්තරමුල්ලේ දී එම මධ්‍යස්ථානය සඳුදා (10) දින විවෘත වූයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතිනි.
ඒ සඳහා පැවති ඉතා අලංකාර උත්සවයේ දී සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම නව ‘ලක්විරු සෙවන’ විවෘත කළේ ආබාධිත රණවිරුවන්ගේ නිර්මාණ කුසලතා කලඑළි දක්වමිනි.
මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරු, ජනාධිපති ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හා නාවික හමුදාපතිවරු, පොලිස්පතිතුමා නියෝජනය කරමින් නියෝජ්‍ය පොලිස්පති, ත්‍රිවිධ හමුදා ආර්යාවන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගී වුහ.
එහි දී මෙම විවෘත කිරීමේ උත්සවය ඇමතූ ජනාධිපතිතුමා ‘යුදබිමේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් රණවිරුවෝ ජනතාවගේ ජීවන වියදම අඩු කර ගැනීමේ ආර්ථීක ක්‍රියාදාමයට ද පාඩම් කියාදෙමින් සිටින බව අපට පෙනෙනවා. වන්නි හා නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් සාර්ථකව නිම කළ යුද හමුදාව ශ්‍රී ලංකාවට සෞභාග්‍යය, සංවර්ධනය උදා කිරීමේ අරමුණෙන් තවදුරටත් මානුෂීය මෙහෙයුෙම් යෙදී සිටීම දැකිය හැකිය. ඇතැමුන් මෙය විවේචනය කළත්, මේ සම්බන්ධව දන්නා පිරිස හොඳින්ම දන්නවා: කොළඹ හා අවට ඇළ මාර්ග, ජලාප්‍රවාහන මාර්ග ආදිය පිරිසිදු කළේ කෙසේද කියා. එසේම ක්‍රිඩාංගණ, නිවාස සංකීර්ණ, පාලම් ආදී මහා පරිමාණික ව්‍යාපෘති ඉදිවූයේ කොහොමද කියලා. මෙම වෙනස කළේ කවුරුත් නොව රණවිරුවෝ.’
‘මම යුද හමුදා එළවලු වෙළඳසැලකට ගියා. මම දැක්කා මගේ ඇස් දෙකින් මිල දර්ශනයේ තිබූ වෙනස. මෙම මිල ගමේ දුප්පත් ගොවි මහතා එළවලු අලෙවි කරන මිලයි. මෙම වෙනස සාමාන්‍ය වෙළඳ පොලේ මිල 8-10% අතර ප්‍රමාණයට අඩු කිරීමට බලපෑවා.’: යැයි ජනාධිපතිතුමා පැවසීය.
රණවිරු නිෂ්පාදන ඇතුලත් නිවෙස්වලට අවශ්‍ය විවිධ උපකරණවලින් සමන්විත මෙම නවීන වෙළඳ සංකීර්ණය ඉදිවූයේ කොළඹ - 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය මතය.
මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් දෙකක් සේවා වනිතා යුද හමුදා ශාඛාව මඟින් පවත්වා ගෙන යන අතර, එහි එක් වෙළඳසැලක රණවිරු අත්කම් නිපැයුම්ද අනෙක් වෙළඳසැලේ ආහාර වර්ග හා වෙනත් නිෂ්පාදන ද ඇතුලත් වේ. තවද, සහන මිලට මිල දී ගත හැකි ඒකල ගොවිපොල ඇතුලු යුද හමුදා ගොවිපොලවලින් කාබනික පොහොර යොදා වැවූ එළවලු අලෙවි කිරීමේ වෙළඳ සැලක් ද එහි ඉදි කොට ඇත.
ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතිගරු ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ විශේෂ පිරිසක් විසිනි. ඔවුන් නම් පූජ්‍ය අැල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි භික්ෂු පුහුණු මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනය කරනු ලබන වීදි දරුවන් විසිනි. රෝද පුටු සහ අත්වාරු ආධාර කොට ගත් ආබාධිත රණවිරුවෝ 300 දෙනෙක් පෙරටු කොට ගනිමින් රණවිරු පවුල්වල සාමාජිකයින් ද සමඟින් ප්‍රදාන ආරාධිත අමුත්තා වර්ණවත් පෙරහැරකින් පැමිණ මෙම වෙළඳ සංකීර්නයේ ප්‍රධාන නාම පුවරුව විවෘත කළේය. අනතුරුව ජනාධිපතිතුමා අනෙකුත් ආරාධිතයින් ද සමඟ මෙම මධ්‍යස්ථානයේ සංචාරය කොට නිෂ්පාදන සහ අලෙවිය සඳහා තබා ඇති භාණ්ඩ ආදිය මෙන්ම පරිපාලන කටයුතු පිළිබඳව ද පිරික්සීය.
මෙහි ශ්‍රවනාගාරය විවෘත කිරීමෙන් පසු කෙටි රැස්වීමක් සංවිධානය කොට තිබු අතර, එය රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් ආරම්භ විය. දේශය වෙනුවෙන් යුද බිමට පිවිස අත්පා අහිමිව ආබාධිතව සිටින රණවිරුවන් වෙනුවෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව මෙම වෙළඳ සංකීර්ණය ගොඩනැගුනි.
ශාරීරික අපහසුතා මැද විවිධ බාධක හමුවේ ජීවිතය සාර්ථක කර ගැනිමට වෙර දරන ආබාධිත රණවිරුවන්ගේ උත්සාහය සහ අධිෂ්ඨානය ජනාධිපතිතුමාගේ මහත් පැසසුමට ලක්විය.
අනතුරුව වැඩසටහන සමාප්තියට ප්‍රථම යුද හමුදාපති ආර්යාව වූ සේවා වනිතා යුද හමුදා ශාඛාවේ සභපතිනී මංජුලිකා ජයසූරිය මහත්මිය මෙම වෙළඳ සංකීර්ණයේ ඉදි කොට තිබූ ඒටීඑම් මුදල් ලබා ගැනීමේ යන්ත්‍රය විවෘත කළාය.
|