උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (06) දින සිරිපිඩ්ඩි, කොල්ලන්කුලම්, ඕමන්තේ, අලකල්ලපොට්ටුකුලම්, මඩු, කොක්කුතුඩුවායි සහ පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් මිමි 60 මෝටාර් බෝම්බ 03 ක්, ආර්පිජි බෝම්බ 02 ක්, පුද්ගලනාශක බෝම්බ 16 ක්, අත් බෝම්බ 01 ක්, මිමි 40 මෝටාර් බෝම්බ 02 ක්, එස්එෆ්ජි ආර්ගස් බෝම්බ 01 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයා ගෙන ඇත.
මේ අතර එදිනම (06) යුද හමුදා භට පිරිස් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදි පසුගියදා (04) සොයා ගත් මළ සිරුරු කොටස් අසළ තිබි තවත් මළ සිරුරක කොටස් සහ කබා 02 ක්, බුට් සපත්තු 01ක්, මේස් 01 ක්, හමුදා ටිෂර්ට් 01ක්, මිමි 60 මෝටාර් බෝම්බ කාට්‍රිජ 01 ක් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදි සොයා ගත් අතර, ගුවන් බෝම්බයක යැයි සැක ෙකරෙන කොටස් 01 ක් විශ්වමඩු ප්‍රදේශයේදි සොයා ගෙන ඇත.
තවද, යුද හමුදා භට පිරිස් විසින් එදිනම (06) නැගෙනහිර පළාතේ වලතෝටම් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි කීලෝග්රැම් 02 ක් බරැති සී - 4 පුපුරණ ද්‍රව්‍ය, මිටර් 273 ක ඩෙටනේටර් වයර 01 ක් සහ එල්ටිටිඊ හැදුනුම්පත් 01 ක් සොයා ගෙන ඇත.
එමෙන්ම බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (06) මහිලන්කුලම්, නාවත්කුලම්, මරුතමඩු, ගජබාපුර, කොක්කුතුඩුවායි, මුරුසමෝඩෙයි සහ මනවාලන්පඩ්ඩමුරිප්පු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 114 ක්, අරුල් බෝම්බ 02 ක්, කුඩා අත් බෝම්බ 05ක්, ආර්පිජි බෝම්බ කොටස් 01 ක් සහ ආර්පිජි බෝම්බ ෆියුස් (විලායක) 02 ක් සොයා ගෙන ඇත.
යුද හමුදාව සහනදායී මිලට එළවලු අලෙවි කරයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගොවීන්ගෙන් සෘජුවම එළවලු මිල දී ගෙන මහජනතාව වෙත එම එළවලු සහනදායි මිලකට අලෙවි කිරීමේ අභිප්‍රායෙන් යුතුව නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනූව යුද හමුදාපති ජගත් ජයසූරිය මහතාගේ මඟ පෙන්වීම යටතේ රජයේ ‘අපි වවමු-රට හදමු’ ජාතික වැඩසටහනට අනූව මෙම නව ව්‍යාපෘතිය යුද හමුදාවේ පූර්ණ කැපවීමෙන් සිකුරාදා (07) දින සිට දියත් කරනු ලබයි.
කලුකඩ වෙළඳාමෙන් ජනතාව බේරා ගැනිම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මෙම නව වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි ගොවිබිම් වෙත ගොස් ගොවි මහත්වරුන්ගේ අස්වැන්න මිල දී ගෙන අලෙවි කිරීම සිදු වේ. යුද හමුදාව විසින් ස්ථාන 14 ක දී මෙම එළවලු අලෙවි කිරීමට නියමිත අතර, මාලිගාවත්ත නිවාස සංකීර්ණය, කොටුව දුම්රිය ස්ථානය, කැම්බල් පිටිය, හයිඩ් පාර්ක්, මුත්තයියා පාර, ජා-ඇල, කටුනායක, කඩුවෙල, හෝමාගම, රාජගිරිය, බොරැල්ල, ටොරින්ටන් චතුරශ්‍රය, ඒකල සහ රත්මලාන යන ස්ථාන ඊට අයත්ය. යුද හමුදා ජංගම සේවය හරහා අනෙකුත් ප්‍රදේශවල ද ස්ථීර විකුණුම් ස්ථාන ආරම්භ කොට අඛණ්ඩව එළවලු අලෙවි කිරීමට ද කටයුතු සැලසුම් කොට ඇත.
අතරමැදි පාර්ශවයන්ගේ මැදිහත්වීමකින් තොර ව යුද හමුදාව විසින් දිවයින පුරා ඇති තම ඒකක හරහා ඒඒ ප්‍රදේශවල වවන එළවලු මිල දී ගෙන අලෙවි කිරීමේ දී ඇසුරුම් හා ප්‍රවාහන ගාස්තු පමණක් අය කරගැනීම සිදු කරයි. මේ හරහා පාරිභෝගිකයාට වෙහෙසීමකින් සහ වෙනත් අවහිරයකින් තොරව විශ්වාසවන්ත අයුරින් සහනදායි මිලකට තමාට අවැසි දෑ මිල දී ගැනීමට හැකියාව ලැබේ.
දියත් කරන ලද වැඩසටහනේ ප්‍රගතිය විනිශ්චය කිරීමෙන් අනතුරුව තවදුරටත් මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට නියමිතය. යුද හමුදාපතිතුමාගේ අධික්ෂණය යටතේ රට පුරා විහිද ඇති යුද හමුදා කඳවුරු සම්බන්ධ කොට ගෙන මෙම පොදු කාර්යය සිදු කිරීමටත්, ඒ හරහා වෙළඳපොලේ එළවලු මිලට වඩා අඩුවෙන් ජනතාවට එළවලු මිල දී ගැනීමට අවස්ථාව ලබාදෙයි.
|