උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (05) දින කොල්ලන්කුලම්, කොක්කුතුඩුවායි සහ මුල්ලියාවෙලි යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලනාශක බෝම්බ 11 ක් සහ දේශීය නිෂ්පාදිත අවි 01 ක් සොයා ගෙන ඇත.
මේ අතර, නැඟෙනහිර පළාතේ එදිනම (05) යුද හමුදා භට පිරිස් විසින් අලියාඕඩේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් මිමී 60 මෝටාර් බෝම්බ 95 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 14 ක්, මිමී 81 පැරා බෝම්බ 03 ක්, මිමී 120 මෝටාර් බෝම්බ 02 ක්, ආර්පීජී බෝම්බ 07 ක්, මිමී 84 බෝම්බ 06 ක්, පුද්ගලනාශක බෝම්බ 10 ක්, අරුල් බෝම්බ 04 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ විලායක 10 ක් සොයා ගැනීමට සමත්වූහ.
තවද, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (05) වෙප්පන්කුලම් සහ මරදමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 21 ක් සොයා ගෙන ඇත. |