උතුර: යුද හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (04) දින කොල්ලන්කුලම්, අලකල්ලපොට්ටුකුලම්, මොණරවැව සහ කුමුලමුනෙයි යන ප්රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලනාශක බෝම්බ 24 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයා ගෙන ඇත.
මේ අතර එදිනම (04) යුද හමුදා භට පිරිස් විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි මිනිස් මළ සිරුරක කොටස් සහ ඇට කැබලි සොයා ගෙන ඇත. |