සෝදිසි මෙහෙයුම් තවදුරටත්
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (30) දින වාරනයි, කොල්ලන්කුලම්, අලකල්ලපොට්ටුකුලම්, මඩු, මොණරවැව, කොක්කුතුඩුවායි සහ මුරුතන්පුවල් යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් අත් බෝම්බ 03 ක්, පුද්ගලනාශක බෝම්බ 46 ක්, ආර්පිජි බෝම්බ 01ක්, ටී - 81 වර්ගයේ බෝම්බ 24 ක්, මිමි 81 පැරා බෝම්බ 01 ක්, මර උගුල් 01 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 64 ක් සහ කිලෝග්‍රෑම් 12 ක් පමණ බරැති ක්ලේමෝ බෝම්බ 01 ක් සොයා ගෙන ඇත.
නෑගෙනහිර: එදිනම (30) සේරුනුවර පොලීසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සොයා ගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් තවදුරටත් එම කටයුතුවල නිරතවෙමින් එදිනම (30) පෙරියපරන්තන් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයා ගෙන තිබේ. |