මෝටාර් බෝම්බ සොයාගත් උපකරණ අතර
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (29) දින කොල්ලන්කුලම්, අලකල්ලපොට්ටුකුලම්, කොක්කුතුඩුවායි සහ මඩු යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලනාශක බෝම්බ 11 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සොයා ගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් තවදුරටත් එම කටයුතුවල නිරතවෙමින් එදිනම (29) මහිලන්කුලම් සහ කොක්කුතුඩුවායි ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 37 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 107 ක් සොයා ගෙන තිබේ. |