සෝදිසි මෙහෙයුම් තවදුරටත්
උතුර සහ නැගෙනහිරඃ අයියකච්චි, පෙරියපුලියන්කුලම්, නාවත්කුලම්, මඩු, කරුන්කන්ඩල්, කොල්ලන්කුලම්, චාවකච්චේරි සහ කන්දකාඩු ආදි ප්‍රදේශවල බ්‍රහස්පතින්දා (22) දින හමුදා භටපිරිස් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී මිමී 81 මෝටාර් බෝම්බ 17 ක්, ආර්පීජී බෝම්බ 02 ක් සහ පුද්ගලනාශක බෝම්බ 46 ක් සොයා ගත්හ.
තවද, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුද්ගලනාශක බෝම්බ 321 ක්, ආර්පීජී බෝම්බ 05 ක් සහ අරුල් බෝම්බ 01 ක් මහිලන්කුලම්, පරසන්කුලම්, පෙරියතම්පනේ, සින්නපන්ඩිවිරිච්චාන් සහ නාරික්කුලම් යන ප්‍රදේශවල තිබී එදිනම (22) සොයාගෙන ඇත. |