භට පිරිස් එල්ටීටීඊය විසින් වළදැමූ ආර්පීජී බෝම්බ ගොඩගනී
උතුරඃ අරියාලේ, වරණි, මීසාලේ, ඕමන්තේ, නාවත්කුලම්, මඩු, කරුන්කණ්ඩාල්, කොල්ලන්කුලම්, ඉරණමඩු සහ විශ්වමඩු ආදි ප්‍රදේශවල බදාදා (22) දින හමුදා භටපිරිස් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 68 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 07 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 04 ක්, අත්බෝම්බ 04 ක්, ටී-56 පතරොම් 2013 ක්, ආර්පීජී බෝම්බ 03 ක් සහ මිමි 120 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයා ගත්හ.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (22) මිමී 60 මෝටාර් බෝම්බ 52 ක්, ආර්පීජී බෝම්බ 02 ක්, අත්බෝම්බ 01 ක්, මිමී 5.0 පතරොම් 58 ක්, ටී-56 පතරොම් 444 ක් සහ පුද්ගලනාශක බෝම්බ 377 ක් කොල්ලාර්පුලියන්කුලම්, මරදන්කුලම්, මහිලන්කුලම්, පරසන්කුලම්, පෙරියතම්පනේ, සින්නපන්ඩිවිරිච්චාන්, ඉරණඉලුප්පයිකුලම්, පාලම්පිඩ්ඩි, අඩම්පන්, නාරික්කුලම් සහ කිලිනොච්චි යන ප්‍රදේශවල තිබී සොයාගෙන ඇත.
|