උතුරේ බිම් බෝම්බ ඉවත්කිරීම් තවදුරටත්
උතුරඃ වව්නතිවු, ඕමන්තේ, ඉරනමඩු සහ කිලිනොච්චිය ප්‍රදේශවල ඉරිදා (18) භටපිරිස් විසින් සිදු කල සෝදිසි මෙහෙයුමි වලදි අත්බෝම්බ 07 ක්, පුද්ගලනාශක බෝම්බ 04 ක්, මර උගුල් 03 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 05 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) මිමී 60 මෝටාර් බෝම්බ 116 ක්, මිමී 60 මෝටාර් විලායක 03 ක්, ආර්පීජී බෝම්බ 02 ක්, අත්බෝම්බ 02 ක්, මිමී 40 බෝම්බ 03 ක්, පුද්ගලනාශක බෝම්බ 246 ක්, මිමී 12.7 පතුරොම් 12 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් කොල්ලාර්පුලියන්කුලම්, මහිලන්කුලම්, පෙරියතම්පනේ, සින්නපන්ඩිවිරිච්චාන්, ඉරනඉලුප්පයිකුලම් සහ පරසන්කුලම් ප්‍රදේශවල තිබී සොයාගෙන ඇත.
ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය තරු දිලෙන රැයක් ප්‍රසංගයට ප්‍රබල ආශිර්වාදයක් වේ
පූර්ණ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් අනුරාධපුරයේ ඉදිවෙන "අභිමංසල" (සුබ සාධන නිකේතනය) සදහා අරමුදල් රැස් කිරීම පිණිස පසුගිය සෙනසුරාදා (17) සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති "තරු දිලෙන රැයක්" සංගීත හා නර්තන ප්‍රසංගය නැරඹිමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා එම මැතිණිය, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මැතිණිය, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය හා මංජුලිකා ජයසූරිය මැතිණිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ සහ එම මැතිණිය පැමිණ සිටියහ.
යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව බිහිවූ "බිරේව් හාර්ට්ස්" ව්‍යාපෘතිය යටතේ "තරු දිලෙන රැයක්" වේදිකාගත වූ අතර ඊට පූර්ණ සහය සේවා වනිතා යුද හමුදා ශාඛාව වෙනුවෙන් එහි සභාපතිනි මංජුලිකා ජයසූරිය මැතිණියගෙන් ලැබුණි. මෙම ප්‍රසංගයට ජනප්‍රිය මෙන්ම ප්‍රමුඛ නළු නිළියන්, ගායක ගායිකාවන්, නර්තන ශිල්පීන්, ශිල්පිනියන් මෙන්ම ආබාධිත රණවිරැවෝ ද සහභාගි වූහ. මෙම ප්‍රසංගය නැරඹීමට 4000 කට අධික ප්‍රෙක්ෂකයන් පිරිසක් පැමිණ සිටි අතර ප්‍රසංගයේ සෑම අංගයක් සදහාම ඔවුන්ගේ උණූසුම් ප්‍රතිචාර නොඅඩුව ලැබිණි.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රධාන දොරටුව අභියස දී අතිගරැ ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබූ අතර එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට වෙර වීර්්‍යය දරා අබාධිත වූවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවුණූ මෙම සම්භාවනීය පිරිසගේ පැමීණීම යුද හමුදාපතිතුමා බෙහෙවින් අගය කලේය.
මෑත ඉතිහාසයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ මෙවැනි විචිත්‍රවත් එමෙන්ම සුන්දරවූත් රාත්‍රීයක් නොවූ තරම් වන අතර ඊට අනෝජා වීරසිංහ, සබීතා පෙරේරා, චන්දන වික්‍රමසිංහ, භාතිය සන්තුෂ්, නෙහාරා පීරිස්, රොෂාන් ප්‍රනාන්දු, තිළිණි ප්‍රනාන්දු, නිලන්ති ඩයස්, සමන් නිශාන්ත, රොෂාන් රණවන, චන්න පෙරේරා, ඹ්ෂදී හේවාමද්දුම, දමිතා අබේරත්න ඇතුළු කලාකරුවන් රැසකගේ දායකත්වය නොමසුරුව ලැබුණි. අනෝජා වීරසිංහ මහත්මිය සමග රෝද පුටුවල හිඳිමින් රංගනයේ යෙදුණු රණවිරුවන්ගේ රංගනය ෙප්‍රක්ෂකයන්ගේ නෙතට කදුළු ගෙනඒමට තරම් සජීවි විය.
මෙම යෝජිත "අභිමංසල" සුබසාධන නිකේතනය සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබුණු අතර යුද හමුදාවේ ඉල්ලීම මත ආරක්ෂක ලේකම්තුමා රජය වෙනුවෙන් මෙම සුබසාධන නිකේතනය සඳහා අනුරාධපුර ප්‍රදේශයෙන් රජයේ ඉඩමක් ලබාදෙන ලදි. මෙහි ඉදිකිරීම් මැයි මස දී ආරම්භ වූ අතර මෙය සැබෑවක් කරගැනීමට මෙතුමන් දෙපලගෙන් ලැබුණු සහාය කිසිදා අමතක කළ නොහැක.
මෙම සංගීත හා නර්ථන ප්‍රසංගය තුළින් බිරේව් හාර්ට්ස් ව්‍යාපෘතිය මහත් උද්දීපනයක් ලැබූ අතර, මහජනයාගෙන් ලැබෙන අරමුදල් යෙදවීමෙන් මෙම ඉදිකිරීම් නිමකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් මිලියන 200 කි.
|