මෝටාර් බෝම්බ සහ පුද්ගලනාශක බෝම්බ සොයාගත් උපකරණ අතර
උතුර සහ දකුණඃ පෙරියතම්පනේ, ඉරණමඩු සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවල ඉරිදා (11) දින භටපිරිස් විසින් සිදු කල සෝදිසි මෙහෙයුමි වලදි මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, පුද්ගලනාශක බෝම්බ 33 ක්, අත්බෝම්බ 01 ක් සහ මිමී 82 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුද්ගලනාශක බෝම්බ 53 ක් සහ මර උගුල් 01 ක් මහිලන්කුලම්, පරසන්කුලම්, ඉරනඉලුප්පයිකුලම් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල තිබී එදිනම (11) සොයාගෙන ඇත.
එමෙන්ම වැල්ලම්පිටිය පොලිසිය විසින් එදිනම (11) එම ප්‍රදේශයේ තිබී ටී - 56 අවි 01 ක් සහ මැගසින එකක් සොයාගෙන ඇත. |