එල්ටීටීයට අයත් බෝම්බ තොගයක් සොයාගනියි
උතුර සහ නැගෙනහිරඃ නාවට්කුලම්, මරුතමඩු, ච්‍රඩ්ඩිකුලම්, කරුන්කන්ඩාල්, විශ්වමඩු, ඉරනමඩු, නල්ලුර්, පරන්තන් සහ කුමුලමුනෙයි ප්‍රදේශවල බදාදා (7) දින භටපිරිස් විසින් සිදු කල සෝදිසි මෙහෙයුමි වලදි මිමී 81 මෝටාර් බෝම්බ 02 ක්, පුද්ගලනාශක බෝම්බ 67 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 24 ක්, ආර්පීජී බෝම්බ 18 ක්, මිමී 40 බෝම්බ 01 ක්, අත්බෝම්බ 07 ක්, මරඋගුල් 01 ක්, මරඋගුල් කොටස් 02 ක්, ගුවන්යානා මගින් හෙලන බෝම්බ 02 ක්, කි.ග්‍රෑ. 2.5 බැගින් බරැති ක්ලේමෝ බෝම්බ 21 ක්, දේශීයව එකලස් කරන ලද ක්ලේමෝ බෝම්බ 16 ක්, එල්.එම්.ජී. අවියක කොටස් 01 ක්, මිමී 7.62 x 54 පතුරොම් 800 ක්, ටී - 56 පතුරොම් 3000 ක් සහ රේඩියෝ යන්ත්‍ර 03 ක් සොයාගෙන ඇත.
මේ අතර, භට පිරිස් විසින් නැගෙනහිර පළාතේ කන්දකාඩු සහ මොරකොටන්චේනයි ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමක දී පුද්ගලනාශක බෝම්බ 04 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් එදිනම (7) සොයගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් මහිලන්කුලම්, මරුතොඩයි, පරසන්කුලම්, මල්වරායන්කඩ්ඩයිඅඩම්පන්, පෙරියතම්පනේ, පෙරියපන්ඩිවිරිච්චාන්, කක්කායන්කුලම්, ඉරනඉලුප්පයිකුලම් සහ කිලිනොච්චිය ප්‍රදේශවලින් එදිනම (7) පුද්ගලනාශක බෝම්බ 209 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, අත්බෝම්බ 94 ක්, ආර්පීජී බෝම්බ 02 ක්, කි.ග්‍රෑ. 10 බැගින් බර ක්ලේමෝ බෝම්බ 04 ක් සහ කි.ග්‍රෑ. 5 බැගින් බර ක්ලේමෝ බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
එමෙන්ම, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ යුද හමුදාව සහ පොලීසිය එක්ව එදිනම (7) සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මිමී 81 මෝටාර් බෝම්බ 05 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, ආර්පීජී බෝම්බ 16 ක්, මිමී 60 මෝටාර් විදින 04 ක්, පතුරොම් සමග ටී - 56 මැගසින් 03 ක්, අත්බෝම්බ 07 ක්, මිමී 12.7 පතුරොම් 47 ක්, ක්ලේමෝ බෝම්බ 01 ක්, මිමී 40 බෝම්බ 20 ක්, මිමී 40 බෝම්බ විදින 01 ක්, ආර්පීජී චාජර් 01 ක්, ආර්පීජී විදින 01 ක්, ටී - 56 අවිවල සයිලන්සර 14 ක්, පීඩන බෝම්බ 02 ක්, හඳුනා නොගත් ගිනි අවි 01 ක්, හඳුනා නොගත් පතුරොම් 100 ක් සහ හඳුනා නොගත් ඩ්‍රම්ස් 02 ක් සොයාගෙන ඇත. |