සෝදිසි මෙහෙයුම් තවදුරටත්
උතුරඃ භට පිරිස් විසින් සිකුරාදා (02) මතියමඩු, නාවත්කුලම්, මරුතමඩු, කරුන්කන්දල්, කොල්ලන්කුලම්, චෙට්ටියමාකන්කඩ්ඩයි හා පරන්තන් ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අත්බෝම්බ 03 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ 29 ක්, බඳින තුවක්කු 02 ක්, ඊයම් පතුරොම් 05 ක් සහ පිහියක් සොයාගෙන ඇත.
මේ අතර, බිමිබෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ යෙදෙන කණ්ඩායම් විසින් එදිනම (02) මයිලන්කුලම්, පරසන්කුලම්, තමරනායිකුලම්, මරුතමඩු සහ උඩයියඩි ප්‍රදේශවලින් පුද්ගලනාශක බෝම්බ 90 ක් සහ පුපුරා නොගිය මර උගුල් 05 ක් සොයාගෙන ඇත.
මේ අතර, තලාව පොලීසිය විසින් කරගහවැව ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 02 ක් සොයාගෙන ඇත. |