සොයාගත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අතර අත් බෝම්බ 27 ක්
උතුර: යුද හමුදා සෙබළුන් විසින් බ්‍රහස්පතින්දා (01) දින නාවත්කුලම්, මරුතමඩු, කොල්ලන්කුලම්, අඩම්පන්, විශ්වමඩු, පලයිල්කුලම්, උමායලපුරම් සහ කොකාවිල් යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලනාශක බෝම්බ 24 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 10 ක්, මර උගුල් 02 ක්, මල්ටි බැරල් අවි සඳහා භාවිතා කරන පතුරොම් 01 ක්, ආර්පීජී බෝම්බ 01 ක්, මිමි 40 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 27 ක්, මිමි 5.56 97 වර්ගයේ ගිනි අවි 01 ක් එහි මැගසිනය සමග, ටී - 56 ගිනිඅවි 01 ක්, මිමී 9x18 පිස්තෝල පතුරොම් 511 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බයක් යොදා සකස් කළ මර උගුල් 01 ක් සොයාගෙන ඇත.
මේ අතර එදිනම (01) නැගෙනහිර පළාතේ සිංහපුර ප්‍රදේශයේ සෙබළුන් සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
නාවික හමුදා භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සහ ආර්පීජී බෝම්බ 02 ක් එදිනම (01) සොයාගෙන ඇත.
මේ අතර බිමි බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (01) පුද්ගලනාශක බෝම්බ 119 ක්, අත්බෝම්බ 03 ක්, ආර්පීජී බෝම්බ 03 ක්, ටී - 56 පතුරොම් 242 ක් සහ පුපුරා නොගිය මර උගුල් 06 ක් මයිලන්කුලම්, පරසන්කුලම්, සින්නපන්ඩිවිරිච්චාන්, මරුතමඩු සහ උඩයියඩි යන ප්‍රදේශවල තිබී බ්‍රහස්පතින්දා (01) සොයාගෙන ඇත. |