සොයා ගත් දෑ අතර පීඩන බෝම්බ
උතුර : යුද හමුදා සෙබළුන් විසින් නොකඩවා දියත් කරන සෝදිසි මෙහෙයුම්වල දී බදාදා (30) දින පේදුරුතුඩුව, නගර්කෝවිල්, නාවත්කුලම්, මරුතමඩු, කරුන්කන්ඩාල්, කොල්ලන්කුලම්, විශ්වමඩු, සහ කොකාවිල් යන ප්‍රදේශවල තිබී මිමි 40 බෝම්බ 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 25 ක්, පුද්ගලනාශක බෝම්බ 38 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක්, පුපුරා නොගිය මර උගුල් 04 ක්, පීඩන බෝම්බ 11 ක්, හදුනානොගත් බෝම්බ 09 ක්, අත් බෝම්බ 02 ක්, ක්ලේමෝ බෝම්බ 25 ක් හා නවීකරණය කරන ලද මරඋගුල් 01 ක් සොයා ගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (30) මහිලන්කුලම්, පරසන්කුලම්, සින්නපන්ඩිවිරිච්චාන්, මරුතමඩු සහ උදෙයිආඩි යන ප්‍රදේශවල දී පුද්ගලනාශක බෝම්බ 192 ක්, අත් බෝම්බ 05 ක්, ආර්පීජී බෝම්බ 05 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සහ පුපුරා නොගිය මර උගුල් 01 ක් සොයා ගෙන ඇත.
තවද, එදිනම (30) මහනුවර පොලීසිය විසින් මඩවල ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයා ගැනීමට සමත් වී ඇත.
නව හමුදා ප්‍රකාශක සිය රාජකාරි අරඹයි
බ්‍රිගේඩියර් යු.ඒ.බි මැදවල අද දින (ජුලි 1 දින) නව හමුදා ප්‍රකාශක හා යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සිය කාර්යාලයෙහි අද පෙරවරුවේ පැවැති චාම් උත්සවයකදි වැඩ භාර ගන්නා ලදි.
බ්‍රිගේඩියර් මැදවල සිය 29 අවුරුදු යුද හමුදා සේවා කාලය තුල මේ දක්වා ඉතා වැදගත් ජ්‍යෙෂ්ඨ නිළයන් හා තනතුරු ගණනාවක් හොබවා ඇත.
හිටපු හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ ආරක්ෂක අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් පර්යේෂණ හා සංවර්ධන වශයෙන් වැඩ භාරගත්තේ නොබෝදාය. ඒ ඔහු දැනටත් දරණ යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිළධාරි හා යුද හමුදා වෛද්‍ය බලකායේ රෙජිමේන්තු අධිපති යන තනතුරුවලට අමතරවයි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන බ්‍රිගේඩියර් මැදවල, අද පෙරවරුවේ සාමිප්‍රදායික පොල් තෙල් පහන දැල්ව්මෙන් අනතුරුව තම කාර්යාලයේදි රාජකාරි ලිපියකට අත්සන් තැබීමෙන් සිය රාජකාරි නිළ වශයෙන් අරඹන ලදි.
1981 වසරේදි යුද හමුදාවට එක්වුණු ඔහු 1982 වසරේ ජුලි මස 18 වන දින දෙවන ලුතිතන් නිළයෙන් අධිකාරිය ලබා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කරනු ලැබිනි. මෙම නව තනතුරට පත් වන විට 53 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා වශයෙන් ඔහු කටයුතු කරමින් සිටියේය.
1995 වසරේදි 1 වන සන්නාහ සන්නද්ධ බළඇණියේ අණදෙන නිළධාරි වශයෙන් කටයුතු කල ඔහු, යුද හමුදාපතිතුමාගේ යුධ සේවා සහකාර ධුරයක මෙන්ම අධි සහයක ධුරයක ද රාජකාරි කරනු ලැබීය. එමෙන්ම දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ නිළධාරි උපදේශක හා පාඨමාලා භාර නිළධාරි තනතුරුද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක තනතුර ද හොබවා ඇත.
යාපනය කිලාලි හි 554 පාබල බළසේනාවේ බළසේනාධිපති වු ඔහු පසුව සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙසද පත් විය. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක ලෙස පත්වීමට පෙර සන්නාහ සන්නද්ධ බලසේනාවේ බළසේනාධිපති හා අධ්‍යක්ෂ සන්නාහ සන්නද්ධ බලකාය ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි නියෝජ්‍ය උපකුලපති වරයා ලෙසද සේවය සැලසීය.
මදුරාසි විශ්ව විද්‍යාලයේ ආරක්ෂක හා උපක්‍රමික අධ්‍යයන විද්‍යාව පිළිබද පළමු පංතියේ විද්‍යාපති උපාධියක් ද ලබා ඇති ඔහු ඉන්දියාවේ වෙලිංටන් හි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක ශ්‍රේණියක් සහිත ආදි ශිෂ්‍යෙයක්ද වේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක කාර්යය මණ්ඩල සාමාජිකයකු විමේ අවස්ථාව ද ඔහුට හිමි විය.
එමෙන්ම, ඉන්දියාව, පකිස්ථානය, සිංගප්පුරුව, බංගලාදේශය, චෙක් ජනරජය හා ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල හමුදා පාඨමාලා හදාරා ඇති ඔහු ජාත්‍යන්තර හා දේශීය සමිමන්ත්‍රණ, සමුළු හා වැඩමුළු ගණනාවකටද සහභාගි වි ඇත.
යුද හමුදා “උත්තම සේවා පදක්කම”, “ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම”, “උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම”, “ පුර්ණ භූමි පදක්කම” හා “ රිවිරැස පදක්කම” ඔහු ලබා ගෙන ඇති විවිධ සේවා පදක්කම් අතර වේ. |